මේ වසරේ මාස 9ට මත්තලට ගුවන්යානා 518ක් ඇවිත් – ඇමැති ප‍්‍රසන්න රණතුංග

1103

මත්තල ගුවන්තොටුපළ මේ වසරේ මුල් මාස 09ක කාලය තුළ ගුවන්යානා 518ක මෙහෙයුම් සිදුකර ඇතැයි සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මෙහිදී මගීන් 27,859කට පහසුකම් සලසා ඇත. හසුරුවා ඇති ගුවන් භාණ්ඩ සංඛ්‍යාව මෙටි‍්‍රක් ටොන් 21.5කි. ගිය වසරේ (2020* මුල් මාස 09ට සාපේක්‍ෂව මගී මෙහෙයුම් සියයට 52ක වැඩිවීමක් බවත් භාණ්ඩ මෙහෙයුම් සියයට 106ක වැඩිවීමක් බවත් ඇමැතිවරයා කීය.

මත්තල ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන්සේවා ආකර්ෂණය කර ගැනීම සඳහා සහන රැුසක් ලබාදී තිබෙන බවත් ඒ මහතා පවසයි. ගුවන් තොටුපළ අපනයන බද්ද වන ඇමරිකානු ඩොලර් 60ක මුදල වසර දෙකක් සඳහා ලබා ගැනීම අත්හිටුවීම මෙන්ම ගොඩබෑමේ හා නැවතුම් ගාස්තුවලින් ද ගුවන් සමාගම් නිදහස් කර තිබෙන බව ඇමැතිවරයා පැවසීය.

මෙමගින් ධනවත් ව්‍යාපාරික පුද්ගලයන් ආකර්ෂණය කර ගැනීම මෙන්ම ව්‍යාපාරික ජෙට් යානා ගෙන්වා ගැනීම සඳහා සාකච්ඡුා වට කිහිපයක් පවත්වා ඇති බවත් ඇමැතිවරයා කියා සිටී.

දැනටමත් මත්තල ගුවන් තොටුපළ මාලදිවයින, කටාර් යන රටවලට එයාර් ඒෂියා යන ගුවන් සමාගම සෘජු ගුවන් ගමන් සිදුකරයි. තවත් ජාත්‍යන්තර ගුවන් සේවා රැුසක් ලබන වසරේදී මත්තල නව ගුවන් ගමන් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බවද ඇමැතිවරයා අවධාරණය කර සිටියේය.

සංචාරකයන්ගේ පහසුව සඳහා තීරුබදු රහිත සාප්පු සංකීර්ණයක් පවත්වාගෙන යෑමට සැලසුම් කර ඇති අතර සන්නිවේදන සේවා හා බැංකු කවුන්ටර් පවත්වාගෙන යෑම සඳහාද මේ වනවිට අවසර ලැබී ඇතැයිද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment