ගතවූ දින කිහිපය තුළ දිවයිනෙන් ඩෙංගු රෝගීන් 698 දෙනකු වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඒ අනුව මෙම වසරේ මුල සිට මේ දක්වා වාර්තා වූ මුළු ඩෙංගු රෝගීන් ප්‍රමාණය 40,109කි.
මේ වනවිට වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම ප්‍රමාණය 10,027කි. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේන් 4,698ක්ද, කළුතර දිස්ත්‍රික්කයෙන් 2,232ක්ද වශයෙන් රෝගීන් වාර්තා වී ඇත.
තවද උතුරු පළාතෙන් 4,802ක්ද, මධ්‍යම පළාතෙන් 4,151ක්ද, වයඹ පළාතෙන් 2,629ක්ද, උතුරුමැද පළාතෙන් 3,053ක්ද සබරගමු පළාතෙන් 4,059ක්ද වශයෙන් රෝගීන් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
රශ්මි දිසානායක, සඳුනි තාරකා