2024 ආරම්භයේ සිට මේ දක්වා දිවයින පුරා ඩෙංගු රෝගීන් හතළිස් දෙදහසකට ආසන්න පිරිසක් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
පසුගිය මාස 10 ඇතුළත ඩෙංගු රෝගීන් 41866ක් වාර්තා වී ඇති අතර ඩෙංගු රෝගීන් 20 දෙනකු මියගොස් ඇත.
වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර, කොළඹ ගම්පහ, කළුතර, යාපනය වැනි දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.
ධම්මික සල්වතුර