දිනපතා පුවත්පතක් අතට ගත්තොත් එහි තිබෙන්නේ රිය අනතුරකින් මියගිය තුවාල වුණු සංඛ්‍යාමය. රූපවාහිනියේ ගුවන් විදුලියේ සවනට ඇසෙන්නේ වැඩිපුර ම වෙඩි තැබීම්, ආයුධවලින් කැපීම, විදුලි සර වැදීම, අනතුරුවලට වයස් භේදයක් නොමැත. උස්මිටිකම් වත්පොහොසත්කම් නැත. උපන් මොහොතේම බිලිඳාගේ ගෙල මිරිකා දැමීම ද හදිසි අනතුරකි. ගංගාවල, මුහුදේ, ජලාශවල ගිලීම, නායයෑම, අකුණු වැදීම, බිත්ති කඩා වැටීම, මේ සෑම සිදුවීමක්ම හදිසි අනතුරක් වේ. හිටි හැටියේම විදුලි බල්බයක් දැල්වී නිවීයන්නා සේම මේ ආකාරයට හිතාගන්න බැරි අවස්ථාවන් වලදී හදිසි අනතුරු වලට භාජනය වීමට බලපාන හේතු කවරේද?
- නොසැලකිලිමත්භාවය, නොදැනීම, අන් අයගේ අවවාද පිළිනොගැනීම නිසා සිදුවන හා සිදුකරගන්නා අනතුරු.
- ජන්ම කේන්ද්‍රයේ ඒරාෂ්ටක, මහදශා, අතුරුදශා වල බලපෑම නිසා අපල හෙවත් කර්මය පටිසන් දීම.
- පදිංචි භූමියේ නිවසේ වාස්තු දෝෂ බලවත් වීම නිසා
යම් කිසි ජන්මියකුගේ සංසාරයේ කරන ලද අකුසල් ශක්තීන් බලවත්වීම හෙවත් අකුසල් ඵලදෙන කාලසීමාව අපල කාලයක් වශයෙන් හැඳින්වේ. එහිදී තමාගේ උපන් මොහොත හෝරාව අනුව කේන්ද්‍රයේ ඒරාෂ්ටක අපල නීච ග්‍රහයන්ගේ බලපෑම අශුභව ලබාදෙන මහදශා අතුරුදශා ගෙවන කාලය තුළ දී කරන ලද පව් විවිධාකාරයෙන් ජන්මියාට බලපෑම් කරයි. ලෙඩ කරයි. අනතුරු කරයි.
පදිංචි භූමිය නිවස වාස්තු දෝෂ බලවත් වීම
පදිංචි භූමියේ හෝ නිවසේ වාස්තු දෝෂ මෙම සියලු දෙයට වඩා ප්‍රබල වේ. මක්නිසා ද යම් ජන්මියකුගේ උපන් කේන්ද්‍රය අනුව කර්මය හෙවත් අපලය බලපවත්නා කාලයේ දී ඔහුගේ හෝ ඇයගේ ශක්ති ශරීරය හෙවත් ඕරාව පළුදු වේ. ඍණ ශක්තීන් උප්පාදනය වේ. මෙම අවස්ථාවේ පදිංචි භූමියේ, නිවසේ වාස්තු දෝෂ පැවතුණහොත් ඒවායේද පවතින්නේ ඍණ ශක්තීන්ය. ගණිත ශාස්ත්රයේදී ඍණ, ඍණ එකතුව ධන වුවද ජ්‍යොතිෂයේ දී එසේ නොවේ. නිවසේ ඍණ ශක්තීන් අපලය ඇති පුද්ගලයාගේ ඍණ ශක්තීන්ට ආරෝපණය වී ඍණ ශක්තිය දෙගුණ තෙගුණ වේ. නමුත් මේ මොහොත වනවිට නිවසේ භූමියේ වාස්තු බලවත්ව තිබුණි නම් එයින් ඇතිවන්නේ ධන ශක්තියයි. ධන ශක්තිය ඍණ ශක්තිය ඇති පුද්ගලයා වෙත පැමිණ ඍණ ශක්තිය ආරෝපණය කරගනී. එමගින් ඔහුගේ හෝ ඇයගේ ඕරාව ශක්තිමත්වී අපලයේ ප්‍රබලත්වය දුර්වල කිරීමේ හැකියාව ලැබෙනු ඇත.
දැන් අපි බලමු ගහෙන් ගෙඩි එන්නා සේ නිවාස භූමිවල පවතින පුද්ගලයන්ට, එම ස්ථානවල පදිංචි නිවැසියන්ට හදිසි අනතුරු ඇතිවීම කෙරෙහි බලපාන වාස්තු දෝෂ මොනවාද කියා. හදිසි අනතුරුවලට භාජනය වන භූමි දෝෂ අතර වක්‍ර භූමිය, ව්‍යාජන භූමිය, ශුර්පි භූමිය, ශකට භූමිය යන භූමිවල නිවාස සාදා පදිංචි වීම අනතුරු ඇතිකරන භූමියන්. චක්‍ර භූමිය යනු වාහනයක ඇදවුණ රෝදයක හැඩගන්නා පිහිටීමකි. ව්‍යාජන භූමිය යනුවෙන් අදහස් කරන්නේ දෙපස පොරෝතලයක හැඩය ගත් භූමියක් වේ.
ගැලක හැඩය ගත් භූමිය ශකට භූමිය වේ. මායිම් පරස්පරව පිහිටි භූමි විෂම භූමි වේ. ශුර්පි භූමිය කුල්ලක හැඩයෙන් යුත් භූමියකි. මෙවැනි හැඩ සහිත භූමි වාස්තු දෝෂ බලවත්ව ඇති භූමිවේ. මෙවැනි භූමිවල නිවාස කොතරම් වාස්තු විiාත්මක ඉදිකළ ද භූමියේ අශුභතාවය ඍජුව නිවස කෙරෙහි බලපානු ඇත. ඒ වගේම නිවාස වල පවතින වාස්තු දෝෂ පිළිබඳ සැලකිලිමත් වීමේ දී ප්රායෝගිකවම මා අද්දැකි දෝෂයන් අතරින් නිවසේ බ්‍රහ්ම පාදය පීඩාවට පත්වීම නිවසක බ්‍රහ්ම පාදය යනු නිවසේ හදවත බදු ස්ථානයයි. ්යැරඑ දf එයැ ්‍යදපැ එහි යම් පීඩාවකට පත්වීම එනම් බිත්තියකට යටවීම, පඩිපෙළට යටවීම, කොන්ක්‍රීට් කණුවකට, කුරුපාවකට, බාල්කයකට, ඍජුව හසුවීම හෝ බර ගෘහ භාණ්ඩ අල්මාරි, කබඩ්වලට යටවීම බ්‍රහ්ම පාදය ක්‍ැබඑරු ඡදසබඑ පීඩාවට පත්වීමකි. එවැනි නිවාස වල ගෘහ හිමියාට හදිසි හෘදයාබාධා පපුව හදවත ආශ්රිත අනතුරු ඇතිවීමේ ඉඩකඩ පවතී.
නිරිත ඊශාන විශ්වශක්ති රේඛාව දුර්වලවීම
නිවසක ඉතා සුවිශේෂ දිශාවන් වන්නේ ඊශාන හා නිරිත දිශාවයි. අන්තරීය ශක්තිය ක්‍දිපසජ ැබැරටස ඊශානෙන් නිවසට ඇතුළු වී බ්‍රහ්ම පාදයේ ක්‍රියාකාරි වී නිරිත දිශාවේ ගබඩාවේ. විශ්වශක්තිය ගමන් කරන මේ දිශා දෙකේ රේඛාව විශ්ව ශක්ති රේඛාව වේ. ඊශාන, නිරිත දිශාවන්ගේ මුළුතැන්ගෙය පැවතීම එම නිවසේ ගෘහ බිරිඳ හදිසි අනතුරුවලට විශේෂයෙන්ම සුව නොවන හදිසි විපත් ඇතිවෙන රෝග වලටත්, නිරිත ළිඳ ගෘහ හිමියාට හදිසි මාරක අනතුරු වලටත් හේතු දේ. නිරිත වැසිකිළිවළ ද හදිසි අනතුරු ඇතිකරයි.
ප්‍රධාන දොරට මැදින් (උළුවහලු කඳට)
නිවසේ මුදුන් යටලීය වැටීම
නිවසක ප්‍රධාන උළුවස්ස හා මුදුන් යටලීය එම නිවසේ ගෘහ හිමියාගේ ආර්ථිකය, සෞඛ්‍ය, විවාහය කෙරෙහි බලපෑමක් ඇති කරයි. මුදුන් යටලීය ප්‍රධාන උළුවස්සේ මැදට, පඩිකඳට ඍජුව එල්ලවන සේ වැටීම ගෘහ හිමියා හදිසි අනතුරුවලට පත්කරන දෝෂයක් වන්නේය.
නිවසේ ද්වාර සටහන අක්රමවත්වීමෙන්
නැඟෙනහිර දිශාවට හා දකුණු දිශාවට පමණක් ද්වාර සටහන යෙදීම නන්ද වශියට අයත් වේ. මෙම ද්වාර සටහන පිහිටි නිවාසවල පදිංචි අයට නොසිතූ අනතුරු විපත් ඇතිවේ. ඒ වගේම උතුරට බටහිර ද්වාර පිහිටි නාශ වශියට අයත් නිවසවල පදිංචි අයට ද හදිසි අනතුරු ඇතිවෙන බව වාස්තු විද්‍යාවේ සඳහන් වේ.
අශුභ ගෘහ පිණ්ඩය යෙදීමෙන්
නිවසක ක්ෂේත්රඵලය ගණනය කර ලබාගන්නා අගය ගෘහ පිණ්ඩය වේ. ගෘහ පිණ්ඩය අශුභව පිහිටීම නිවාස වර්ගීකරණයේ දී පදිංචියට නුසුදුසු මනුෂ්‍ය වාසයට නුසුදුසු නිවාස වර්ග ඇතිවේ. ඒක දශ පොරොන්දම් ගැළපීමේදී යෝනි පොරොන්දම නොගැළපීම සතුරුවීමද නැකැත් පොරොන්දම සීහුම් කිරීමේ දී ජන්ම, වධ, විපත් ආදී නැකැත්වලට යෙදීම ද සිදුවේ. එලෙස පත්වීම නිවැසියන් හදිසි අනතුරුවලට භාජනය වීමේ ප්‍රවණතාවයක් ඇතිකරයි.
මරු සුළම
ඉඩමේ ගිනිකතුරු ලක්ෂය ද, නිවසේ බ්‍රහ්මපාද ශුන්‍ය ලක්ෂය ද මුදුන් යටලීයේ මූට්ටුවක් ද යන මෙම ත්‍රිත්තවය එකට පතිත වීම එක ලක්ෂයකට වැටීම මරුසුළම වන අතර එවැනි පිහිටීමක දී ගෘහ හිමියාට විපත් හදිසි අනතුරුවලට මුහුණදීමට සිදුවේ.
ප්‍රධාන ද්වාරය විකර්ණ රේඛාවට කැපීයෑම
නිවසේ මුළු හතර යා කෙරෙන කතිර රේඛාව හඳුන්වන්නේ විකර්ණ රේඛා වශයෙනි. මෙම විකර්ණ රේඛාව නිවසේ ප්‍රධාන උළුවස්ස ඡේදනය වීම ගෘහ හිමියාගේ හිස, මුහුණ ආශ්‍රිතව හදිසි අනතුරු වලට ලක්වෙන දෝෂයකි.
මෙයට අමතරව වහලයේ සොහොන් පරාලය, කැණිමඩල, බිත්ති, සන්ධි 03 ක් ඍජුව එකිනෙකට එම කෝණ 03 සමාන්තරව පිහිටීම, වහල දෙකක එකතුවන වැසි ජලය නිවස මැදින් පිහිටි පීල්ලකින් බැසයයෑම ආදි කරුණු ද ගෘහ හිමියා ඇතුළු නිවසේ නිවැසියන්ට මාරක අනතුරු ගෙනදෙන වාස්තු දෝෂයන්ය.
දේශබන්ධු, දේශමාන්‍ය විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි
සෙන්දිරියාමුල්ල – සඳලංකාව
දු.ක.- 0777856649.