මේ විනාශයට මහින්ද සෘජුවම වගකිව යුතුයි – අනුර කුමාර දිසානායක

328

නිර්පාක්‍ෂික අරගලකරුවන්ට පහරදීම සහ ඉන්පසු රට පුරා ඇතිවූ මහා විනාශයට හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සෘජුව වගකිව යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (10 දා) ‘දිවයින’ට පැවසීය.

ඔහු ඉතා සැලසුම් සහගතව පොහොට්ටුවේ මැර කණ්ඩායම් අරලියගහ මන්දිරයට කැඳවා ප්‍රහාරයකට පසුබිම සකස් කළ බවටද හෙතෙම චෝදනා කළේය.

රට තුළ සිදුවූ මහා විනාශයට පසුබිම සැකසුණේ මෙම ක්‍රියාවෙන් බවත් එබැවින් හිටපු අගමැතිවරයාට සහ ඒ සඳහා සහය දුන් හිටපු මැති ඇමැතිවැන් ඇතුළු සෑම සියලු දෙනාට නීතිය වහා ක්‍රියාත්මක විය යුතු බවත් අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.

හදිසි නීතිය පැනවූයේ ජනතාවගේ ආරක්‍ෂාවට බව කියන ආණ්ඩුව ගෝල්ෆේස් අරගලකරුවන්ට පොහොට්ටුවේ මැර පිරිස් පහර දෙනතෙක් බලා සිටියේ රජයේ අවශ්‍යතාව ඉටුකිරීමට බවට චෝදනා කළ දිසානායක මහතා එහි සියල්ල සිදුවූයේ සැලසුම් කරගෙන තිබූ ආකාරයටම බවත් සඳහන් කළේය.

එබැවින් එම කිසිවකුට නිදහසට කාරණා කිව නොහැකි බවත් මෙම පාලකයන්ට බලය අතහැරීමට නොහැකි වී ඇත්තේ දූෂිත ආකාරයෙන් එක්රැස්කර ඇති මහා ධනය නිසා බවත් කී හෙතෙම එම සියලු ධනය නැවත රටට ලබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවත් වැඩිදුරටත් කීවේය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment