මෛත්‍රිපාල පිරිවර කැඳවයි

777

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන හා දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ විශේෂ රැස්වීමක් පක්ෂ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 30දා පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් ගත යුතු දේශපාලන තීන්දු තීරණ පිළිබඳව සංවිධායකවරුන් සහ පක්ෂ විධායක සභාව හා මධ්‍යම කාරක සභා සාමාජිකයන් සමග විශේෂ සාකච්ඡාවක් මෙදින පවත්වන බව නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. ඒ පිළිබඳව මේ වනවිට ලිඛිතව දැනුම් දී ඇති බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment