මෛත්‍රීට එරෙහි වාරණය දීර්ඝ කෙරේ

98

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන මස 12 වන දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළේය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ගොනුකර තිබූ මෙම පැමිණිල්ල අද (29) කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ යළි කැඳවනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment