මෛත්‍රී ජනපති වී පක්ෂයයි රටයි දෙකම විනාශ කළා – මේ පියවර ගත්තේ ශ්‍රීලනිපය රැකගන්නයි

384

චන්ද්‍රිකා කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්ථිර ලෙසම යළි ගොඩනැඟීමේ අරමුණින් වැඩබලන සභාපතිවරයා ලෙස ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පත් කිරීමට පියවර ගත් බව, පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමට ඊයේ (08දා) පැමිණ සිටි හිටපු ජනාධිපතිනිය එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස සිටි මෛත්‍රිපාල සිරිසේන මහතා, 2015 දී ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පක්ෂය සහ රට ද විනාශය කරා ගෙනගිය බවට මෙහිදී ඇය චෝදනා කළාය.

“2015 ජනාධිපති ධුරයට ඉල්ලන්න කියලා මට හැමෝම කිව්වා. නමුත් මම බෑ කියලා මහ ලේකම් මෛත්‍රිපාල ඉදිරිපත් කළේ විශාල බලාපොරොත්තු ඇතිවයි. මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් අවුල් කළා. මාව අස්කරලා නැවත අස්කළේ නෑ කියලා ලිපි එව්වා. ඇත්තටම ඔහුට පිස්සු” යැයි ද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

සුජීව තත්සර


advertistmentadvertistment