මෛත්‍රී – ඩඩ්ලි… අරලිය දන්සලේ

70

පොසොන් පුර පසළොස්වක පොහෝ දින (21දා) සහ ඊට පසුදා (22දා) යන දෙදින තුළ පොලොන්නරුවට පැමිණි වන්දනාකරුවන් ඇතුළු මහජනතාවගේ පහසුව සඳහා කීරි සම්බා ප්‍රයිඩ් රයිස් දන්සලක් පොලොන්නරුව ඓතිහාසික වටදාගෙය ඉදිරිපිටදී පවත්වනු ලැබීය.

මෙරට ප්‍රමුඛ පෙළේ සහල් නිෂ්පාදකයින් වන අරලිය සහල් ආයතනය මෙය සංවිධානය කර තිබුණි. එක් වරකට දෙදහසකට පමණ පිරිසකට ආහාර ගැනීම සඳහා පහසුකම් සලසා තිබූ මෙම දන්සල වෙත පැමිණ සිටි මහජනතාවට හිටපු ජනාධිපතිවරයා සහ අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා ඇතුළු පිරිස ආහාරපාන පිරිනැමූ අවස්ථාව.

කරුණාරත්න ගමගේ, ඇලහැර – සරත් නිශ්ශංක

advertistmentadvertistment
advertistmentadvertistment