මීගමුවේ ප‍්‍රධාන පෙළේ ලාබාල සුරූපි රූපලාවන්‍ය ශිල්පිණියක් සමග අනියම් ඇසුරක් ගොඩනඟා ගැනීම අවස්ථා ගණනාවක් උත්සාහකර පසුව එම තැන ව්‍යාර්ථ වූ අවස්ථාවේ ඇයට සහ උසස් රැකියාවක නියුතු ඇගේ විවාහක නීතිඥ සැමියාට මරණීය තර්ණ එල්ල කළ බවට චෝදනා ලබා සිටින මෝටර් රථ ‘මොඩිෆිකේෂන්’ (වාහන අලංකාර කිරීම් නියුතු) ශිල්පියාට ඇප ලබාදීම මීගමුව ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ටී.එන්.එල්. මහවත්ත මහත්මිය විසින් (30 දා) දෙවන වරටත් ප‍්‍රතික්‍ෂේප කරන ලදී.
වින්දිතයන් ආරක්‍ෂා කිරීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇප රහිතව රිමාන්ඞ් භාරයට පත්කර තිබූ මෝටර් රථ වාහන අලංකාර කිරීම් කටයුතු සැකකාර ශිල්පියා වූයේ මීගමුව කුරණ පදිංචිකරුවෙකු වූ සුමිත් කේෂාන් ප‍්‍රනාන්දු (35) නමැති විවාහකයෙකි. පැමිණිල්ල අනුව පීඩාවට පත් රූපලාවන්‍ය ශිල්පිනියට ඇගේ වාහනය අලංකාර කිරීම සඳහා මෙහි සැකකරුට භාරදී ඇත. එහිදී සැකකරුට ඇය පිළිබඳ සිතක් පහළවී ඇත. පසුව එක් අවස්ථාවක සුරූපිනියව සැකකරු විසින් පැහැරගෙන යෑමට තැත්කර ඇත. එහෙත් එය ව්‍යර්ථවී ඇත. නැවත සුරූපිනියගේ රන් වළල්ලක් පැහැර ගැනීම තැත් කිරීම සම්බන්ධයෙන් සැකකරු අධිකරණයෙන් දැඩි කොන්දේසි මත ඇප නියමවූවෙකි.
ඉන් අනතුරුව සැකකරු මුහුණු පොතින් සහ දුරකථනයෙන් එම යුවළට මරණ තර්ජනය කර සැඟව සිටියදී මීගමුව පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේ සිද්ධියෙන් පීඩාවට පත් යුවළ වෙනුවෙන් (අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන්) අධිකරණය හමුවේ නීති සකුල ගුණතිලක මහතා සමග පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙල්සන් කුමාරණායක මහතා කරුණු දක්වමින් සැකකරු ආරම්භ කළ තර්ජනය මේ වන විට මරණ තර්ජන දක්වා දුරදිග ගොස් ඇතැයි සැකකරු විසින් මුහුණු පොතින් පැමිණිලිකරුවන්ට කළ තර්ජනවල ඡුායාස්ථ පිටපත් සහ දුරකථන තර්ජනවල හඬ පට අධිකරණය හමුවට පමුණුවන ලදි.
එහිදී තවදුරටත් කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙල්සන් කුමාරණායක මහතා සැකකරුට එරෙහිව වින්දිතයන් ආරක්‍ෂා කිරීමේ පනත යටතේ කි‍්‍රයාකරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව සැකකරු දෙවන වරටත් අගෝස්තු මස 5 දින දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලදී. මීගමුව පොලිසියේ උ.පො.ප. රෝහණ සහ සැරයන් (53883) නවරත්න බණ්ඩාර යන මහත්වරු පැමිණිල්ල මෙහෙයවූහ.
අගතියටපත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ උපේක්‍ෂා අධිකාරි, ඉසුරු ජයසිංහ, සුරාජ් ජයමාන්න, චාමින්ද ලාන්සා සහ සකුල ගුණතිලක යන මහත්වරුන් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙල්සන් කුමාරණායක මහතා පෙනී සිටියේය.
මීගමුව සමූහ – විමල් කීර්ති