මොනරාගල රෝහලේ සේවකයෝත් අතිකාල ඉල්ලා කාර්යාලය වටලති

188

අතිකාල දීමනා සහ නිවාඩු දින වැටුප් ලබාදෙන ලෙස ඉල්ලමින් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ සේවක සේවිකාවන් පිරිසක් රෝහලේ ප්‍රධාන කාර්යාලය වටලා ගැටලුවට වහා විසඳුම් ලබාදෙන ලෙස වෛද්‍ය අධිකාරී ධනපාල රත්නායක මහතාගෙන් ඉල්ලා සිටියහ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරීන් සමග සාකච්ඡා කොට තීරණයක් දැනුම් දෙන ලෙස සේවක සේවිකාවන් ඉල්ලා සිටි අතර ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරියකු සමග දුරකථනයෙන් සාකච්ඡා කළ වෛද්‍ය අධිකාරීවරයා ඉදිරියේදී අතිකාල දීමනා සහ නිවාඩු දින වැටුප් ලබාදීමට එකඟතාවය පළකළ බව සේවක සේවිකාවන්ට දැනුම්දීමෙන් අනතුරුව ඔවුහු විසිර ගියහ.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක


advertistmentadvertistment