ජනාධිපති නීතිඥ සාලිය පීරිස්
කුමන තනතුරක් දැරුවත් ඕනෑම අයකු අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීමට බැඳී ඇතැයි, ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඊයේ (06දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දී පැවැසීය.
නීතියට පටහැනි ආකාරයෙන් නව මත්පැන්හල් සඳහා බලපත්‍ර නිකුත් කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදීත් එම නියෝග උල්ලංඝනය කිරීමෙන් අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා කරමින් හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ සුරාබදු නිලධාරීන් සිව්දෙනකුට එරෙහිව පවරා ඇති පෙත්සම කැඳවූ අවස්ථවේ දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා එලෙස පැවැසීය.
ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ගිහාන් ප්‍රනාන්දු මහතා විසින් ගොනුකර තිබූ එම පෙත්සම ඊය් මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා හා අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේ කැඳවිණි. සිය සේවාදායකයන් විදේශගත නොවන බවට පෙර නඩු දිනයේ දී අධිකරණයට ලබාදී ඇති ප්‍රතිඥාව ඉදිරි නඩු දිනය දක්වා තවදුරටත් දීර්ඝ කරන බව වගඋත්තරකාර හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට පැවැසීය. එම නඩුව ලබන ජනවාරි 20 වැනිදා දක්වා කල්තැබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක