මොන දේ සිදු වුණත් ඒවාට කම්පා නොවන ගුණය මට කාන්දු කළේ මගෙ තාත්තා – ෆාස්ට් ඇඞ්ස් ආයතන හිමිකරු ‘සුරස’ පොත් අධිපති පේ‍්‍රම් දිසානායක

1436

පේ‍්‍රම් දිසානායක ශී‍්‍ර ලාංකේය දැන්වීම්කරණ ක්‍ෂේත‍්‍රය තුළ පතාක යෝධයෙකි. ‘‘ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත’ යන කියමන බොරු කළ පේ‍්‍රම් චිත‍්‍ර ශිල්පයෙන් ද, සිනමා ලේඛනයෙන් ද ග‍්‍රන්ථකරණයෙන් ද සිනමා පත්තර කලාවෙන් ද පොත් කවර නිර්මාණයෙන් ද එමතු ද නොව පොත් ප‍්‍රකාශක ක්‍ෂේත‍්‍රයෙන් ද ඉහළ නමක් දිනා ඇත්තෙකි. දැන්වීම් ක්‍ෂේත‍්‍රයට අදාළ තවත් විවිධ ඉසව් ගණනාවක සිට ප‍්‍රතිභාව කැටපත් කළ හෙතෙම ත්‍්ිඒාි ‘ෆාස්ට් ඇඞ්ස්’ ආයතනයේ හිමිකරුවා ද වන අතර සුරස පොත් ප‍්‍රකාශන අධිපතිවරයා ද වෙයි.

* අටලෝ දහම

‘‘මං ටිකින් ටික ජීවිතය ඇල්ලූ කෙනෙක්. ව්‍යාපාර කරන විට ලාභ වගේම පාඩුත් විඳ දරාගන්න මට උගැන්නුවෙ මගෙ තාත්තා. බුදු දහමේ ඉගැන්වෙන අටලෝ දහමින් කම්පා නොවන හිතක් එතුමාට තිබුණා. ඒ හිත මටත් ඔහුගෙන් ලැබුණා.

එසේ කියමින් තම ආදරණීය පියාණන් ගැන කියන්නට හැමදා මාධ්‍ය ක්‍ෂේත‍්‍රයේ මනුස්සකම පිරි හදවතකින් යුතු පේ‍්‍රම් දිසානායක (පේ‍්‍රම් අයියා* අපේ මණ්ඩපයට ගොඩ වදී. ‘‘මගේ තාත්තා නම්වර ලබන්නේ රිචඞ් වොලී දිසානායක කියලයි. එතුමා ව්‍යාපාරිකයෙක්. තාත්තාගේ ජන්ම භූමිය මාතර. එතුමාගේ පියා අපේ සීයා හිටපු පොලිස් අධිකාරිවරයෙක්. අපේ ආච්චි කොළඹ කෙනෙක්. ඒ නිසා ඒ දිසානායක පරම්පරාව කලකදි කොළඹ හා තදාසන්න පෙදෙස්වලට සංක‍්‍රමණය වුණා.’’

* තොග වෙළෙඳ ව්‍යාපාර

මොන දේ සිදු වුණත් ඒවාට කම්පා නොවන ගුණය මට කාන්දු කළේ මගෙ තාත්තා - ෆාස්ට් ඇඞ්ස් ආයතන හිමිකරු ‘සුරස’ පොත් අධිපති පේ‍්‍රම් දිසානායක

‘‘මා දන්නා කාලෙ හිට තාත්තා කළේ තොග වෙළෙඳ ව්‍යාපාර. මාලබේ තලාහේන මංසන්ධියේ තාත්තාට අයිති කඩපෙළක්ම තිබුණා. මේ ව්‍යාපාරය තනිකරම මෙහෙයවූවේ තාත්තා වුණාට ව්‍යාපාරයේ ස්වාමීත්වයට අපේ මහප්පත් එකතු වුණා. මේ කඩපෙළට සම්බන්ධව ඩිස්පෙන්සරියක් පවා පවත්වාගෙන යමින් තිබුණා. එලයිට් ඩෙ‍්‍රසින් සැලූන් කියලා බාබර් සාප්පුවකුත් තිබුණා.

* ව්‍යාපාරික ධනවත්කම

සේවකයෝ 15 ක් හිටියා. තොග සිල්ලර වෙළෙඳාම ජයටම කළා. බවර් පොහොර නියෝජිතකමත්, සේදවත්ත ඔයිල් මිල්ස් නියෝජිතකමත් තාත්තාටමයි තිබුණෙ. මං තාත්තගේ ව්‍යාපාරික ධනවත්කම කියාගෙන යන්නෙ පුරාජේරුවට නොවේ. එතුමා පසුව කි‍්‍රයාත්මක වන හැටි කියන විට එහි අරුත වඩාත් කුළුගන්වන අදහසින් විතරයි. එතුමාට ලොරි කිහිපයක් පවා තිබුණා බඩු ප‍්‍රවාහනයට.

මගෙ අම්මා කංකානගේ සීලවතී පෙරේරා. අපේ තාත්තා උපන්නේ 1912 සැප්තැම්බර් 15. අම්මා ඉපදී තියෙන්නෙ 1932 මාර්තු 23. දෙන්නා අතර වයස් පරතරය අවුරුදු 20 ක්. ගෙදර සාමය සතුට ඉතිරුවා. දෙන්නා දෙමාල්ලෝ සතුටින් හිටියා. මා පවුලේ මුල්ම දරුවා. මා ඉපදෙන විටත් අම්මට වයස 18 යි. අම්මත් තලාහේන කිට්ටුවම නිසා දෙන්නා මුලින් තරමක් හඳුනාගෙන යෝජිත ක‍්‍රමයට එකතු වෙලා. අපි තලාහේනට ආවෙ පස්සෙ.

* ඉංගිරිසි ඉස්කෝලෙ

අම්මව කසාද බැන්ද ගමන් තාත්තා පදිංචි වෙලා තියෙන්නෙ මුල්ලේරියාව උඩුමුල්ල ග‍්‍රාමයේ නිවසක. අපේ පවුලෙ දරුවෝ 6 යි. පිරිමි 4 යි ගැහැනු 2 යි. තාත්තා ව්‍යාපාරික කටයුතු කළාට එතුමා බලාපොරොත්තු වුණේ යුක්ති සහගත ලාභයක්. අසාධාරණ ලෙස හම්බ කළේ නෑ. සාධාරණය හා යුක්තිය වෙනුවෙන් කොතැනත් පෙනී හිටියා. තාත්තා අධ්‍යාපනය ලබලා තියෙන්නෙ කෝට්ටේ සී. එන්. එස්. විද්‍යාලයෙන්. හොඳට ඉංග‍්‍රීසි පුළුවන්. ගමේ අයටත් ඉංගී‍්‍රසි කතාව පුහුණු කරවන්න අපේ ගෙදර කොටසකරැට ඉංගී‍්‍රසි ඉස්කෝලයක් දැම්මා. රජයේ විධායක ශ්‍රේණිවල නිලධාරි හා පාසල් ගුරුවරු මේවායේ ඉගැන්නුවෙ. පෙට‍්‍රල් මැක්ස් එළිය තමයි කළුවර මැකුවෙ.

* රසකතා කීමට හපනා

පවුලෙ පුංචි එවුවො වටකරගෙන රැට කතා කියන එක තාත්තාගේ පුරුද්දක්. පණ පිහිටුවලා අභිනය පාලා ඒවා දරුවනට ඒත්තු යන විදියට කියනවා. අහන් ඉන්නකොට ඒ කතාවල චරිත මනසේ මැවෙනවා. හරිම රසවත්. රජවරුන්ගේ කතා, බුද්ධාගමේ එන ජාතක කතා, ජීවිතය ජය ගත් මිනිසුන්ගේ කතා, වීරයන්ගේ කතා මේ විදියට තාත්තා හැඩදාලා කියනවා. නිර්මාණය හා ප‍්‍රබන්ධකරණය පිළිබඳ මුල් බිජුවට අපේ හිත්වල පැළවුණේ තාත්තාගේ මේ කතාවල රසයට කියා හිතෙනවා. තාත්තාට යම්බඳු කවිකමක් තිබුණා. එතුමා කවියට ආසයි. ඒ නිසා අපේ ගෙයි මිදුලෙ කවි සංවාද පවත්වන දවස් තිබුණා. සිංහල අලූත් අවුරුදු කාලෙට හිටිවන කවි මඩු පවා තියනවා. මාකඳුරේ ගුණවර්ධන ටියුඩර් පේ‍්‍රමචන්ද්‍ර, පියදාස ගාල්ලගේ, ජිනදාස පනාගොඩ, බටුවන්දර ගුණවර්ධන වගෙ කවියො ඒ කවි මඩුවල බොහොම රසවත් කවි කීවා. මේ අයටත් කවි අහන ගැමියන්ටත් බත බුලතින් සංග‍්‍රහ කිරීමත් තාත්තාගේ කවි සිතට මහත් සැනසුමක්.

* සිරිපා කරුණා කවි සන්නස

පවුලෙ අයත් ගමේ අයත් අතර එතුමාට වැඩි වෙනසක් නෑ. වන්දනා ගමනක් ගියත් කීප දෙනකු ගෙන යනවාමයි. අපේ ගමේ බැස්ටියන් කියා දක්ෂ කවි පබැදුම්කරුවෙක් හා එසේම කවියෙක් ද සිටියා. තාත්තාත් මේ අයත් එකතු වෙලා මා හිතන්නේ සිරිපා කරුණා කරන කවි සන්නසක් හැදුවා. බස් එකේ වාඩි වෙච්ච වෙලාවෙ හිටන් සිරිපා කරුණා කරන්න පාමුල නල්ලතන්නියේ සිට පද්මය දක්වාම ඒ ඒ ස්ථානවලට ගැළපෙන්න මෙහි කවි තියෙනවා. මේ කවි හැඩ දාලා තාත්තා කියනවා. සිරිපා කරුණා කරලා ගෙදරට එනකම් කියන්නත් බුදු සරණ කවි ඒ කවි සන්නසේ තිබුණා. අහගෙන ඉන්නකොට ඇති වන සෞම්‍ය හැඟීම සිසිලස  විග‍්‍රහ කරන්න බැරි තරම්.

තාත්තා අපේකම, බැත, කෙත, නියර කුඹුර මේවාට හරි ඇල්මයි. එතුමා කුඹුරු විශාල ප‍්‍රමාණයක් කළා. මේ කුඹුරුවල වැඩ කරන්න මිනිස්සුත් ඕනෑ තරම් හිටියා.

* නියම ගුරුවරු

මං මුලකුරුට ගියේ තලාහේන මහ විදුහලටයි. ඒ පාසලේ මා දීප්තිමත් ශිෂ්‍යයෙක්. විදුහල්පතිව සිටියේ ජයවර්ධන මහත්මයා. එතුමා පාසල ඇරිලා තලාහේන හන්දියට පාසලේ ඉඳන් කිලෝමීටරයක් විතර දුර පයින් එන්නෙ. ඇවිත් හන්දියේ බසයක් එනතුරු තවත් පැය භාගයක් විතර ඉන්නවා. ඒ වෙලාවට අපේ තාත්තා එක්ක පොඩි සංවාදයක් දානවා. තාත්තත් ඒ මුල් ගුරුතුමාත් ඉතින්! රට තොට තොරතුරු කතා කරනවා. අද වගේ නොවේ. පයින් ඇවිත් පයින් ගිහින් දරුවන්ට අධ්‍යාපනය ශිල්ප දෙන්නෙ. ඒ ගුරුවරු නොවේ ගුරු දෙවිවරු. ගුරු හොරුනට ඒ ගුරුවරු ආදර්ශයක්. මගේ දක්ෂතාව ගැන කියලා එතුමා තාත්තාට කීවා මාව කොළඹ ඉස්කෝලෙක තරග විභාගයකට තියන්න කියලා. එහෙම තරග විභාගයකින් සමත් වෙලයි මා කොළඹ තර්ස්ටන් විදුහලට එන්නෙ. ඒ ඉල්ලූම් පත‍්‍රය ගෙනැත් දුන්නෙත් අර ජයවර්ධන පි‍්‍රන්සිපල්.

* නොරිස්සුම්කම හීලෑ කරයි

තාත්තගෙ කෘෂිකර්ම වැඩවලට විශේෂයෙන් කුඹුරු වැඩවලට මගෙ නොරිස්සුම් ගතියක් ඇති වුණා. ඒ මඩට බැස යෑම ඒ මඩ කොළඹ ඉස්කෝලෙ කොල්ලන්ට පෙනෙයි කියලා. අනෙක කොළඹ කොල්ලන් එක්ක ගැළපෙන්න ගමේ ළමයින්ට එක්වරම අමාරුයි. පොඩි සංස්කෘතික පීඩනයක් තිබුණා. තාත්තාට අවශ්‍ය වුණේ පවුලෙ වැඩිමලා හැටියට මටත් මේවා පුරුදු කරවන්න. පුතේ, මං උඹව කොළඹ ඉස්කෝලෙ යවන්නෙ කුඹුරු වැඩ කරවගන්න නොවේ. ඒත් කා ලවා හරි එව්වා කරගන්න නුඹ ඒවා දැනගෙන ඉන්න ඕනෑ. කියන අදහසින්’’ තාත්තා …. එහෙම කීවා. මටත් හිතුණා ඇත්ත කතාව කියලා. මං හීලෑ වුණා. පුරන් කුඹුරක නියරවල් ….. ගහන්නයි මුල්ම පාඩම. ඊළඟට කුඹුරේ සෑම කොටසක්ම හසුවන විදියට ‘අකුරක්’ ගසන ක‍්‍රමවේදය මට කියා දුන්නා. ඊළඟට කුඹුර කළල් කරන විදිය, කුඹුර පෝරු ගාන හැටි, බීජ වැපිරීම මේ වගේ දේවල්. කමතට ආවේණික විශේෂ චාරිත‍්‍ර විධි ගැන කියැවෙන කමත් ශාස්ත‍්‍රය තාත්තා ටිකින් ටික මට කියා දුන්නා. අදත් මට කුඹුරක් අස්වද්දා ගත හැකියි.

* කොළඹ පොත් සාප්පු

 ඒ කාලෙ කොළඹ ලොකු පොත් සාප්පුකාරයො තුන් දෙනෙක් හිටියා. ඒ තුන්දෙනාම තාත්තාගේ යාළුවෝ. මට අවශ්‍ය පොත පත කරදරයක් නැතිවම හොයා ගන්නවා. මරදානේ ජී. ඒ. පෙරේරා හා ජී. වයි. පෙරේරා සහෝදරයන් දෙන්නාගේ පොත් සාප්පුව. ඊළඟට ජී. කේ. ඩබ්ලිව්. සිරිවර්ධනගේ පොඩි සාප්පුව. තාත්තා හොඳ ගැමි කලාකරුවා. අස්වනු කැපුවාම දවස් 2 ක් ගමටත්, කමතටත්, අපටත් සෙත් පතලා ගම්මඩු නටවනවා. වස් දොස් සියල්ල ඉවත්ව යන්ටයි එහෙම කරන්නෙ. තාත්තා කීවෙ එහෙමයි. පත්තිනි පූජාවලින් පටන් ගෙන තෙල්මෙ නටලා අන්තිමට ගරා යකුමෙන් වැඩ අවසන් වන්නෙ.

 * පාඩු සිදු වුණත් කෙළින් වැඩ

කලකදී අපි මුල්ලේරියාවෙන් තලාහේනට ආවා. හිතට එකඟව යම් තැනක ඉන්න බැරි නම් තාත්තා මොන තරම් තමාට පාඩු සිදුවුණත් ඒ තීන්දුව ගන්නවා. මහප්පත් එකක් වචනයක් හුවමාරු වෙලා තාත්තා අර මම මුලින් කියැවූ සියලූම බිස්නස් අත්හැරලා ගෙදර ආවා. එතුමා අතේ තිබූ කෑලි 5 ටෝච් එක විතරයි තිබුණෙ. පස්සෙ ඒ බිස්නස් කඩාගෙන වැටුණා. තාත්තාට මොන තරම් මහප්පා කනිපින්දම් කීවත් එතුමා එහෙ ආයෙ ගියේ නෑ.

* මනුස්සකම හා පාඩුව

මුල්ලේරියාවෙන් අපි තලාහේනට ආපු කතාවත් පසුවයි දැනගත්තේ. එහෙ විශාල ඉඩමෙ පහසුකම් ඇති නිවසක අය හිටියෙ. ඒත් ඒ නිවස ලබා ගන්නා විට තාත්තාගේ හිතවතෙක් තාත්තගෙ නමට ඒ ඉඩම උකස් කරවලයි සල්ලි දීලා තියෙන්නෙ ඒ ඉඩමෙ අයිතිකාරයාට. ඒ නිවෙස් හිමියාගේ දරුවො දෙන්නෙක් ළඟ ගෙවල්වල නැවතී සිටියා. ඉඩමෙ උකස බේරගන්න බැරිව දැන් මේ ඉඩම අපේ තාත්තාට සින්න වෙලා. අර මනුස්සයා තාත්තා හමුවෙලා කියලා තියෙනවා ‘‘මොනවා කරන්නද දැන් කාලෙ ඉවරයි. මගේ ඉඩම මහත්මයාට සින්න වුණා’’ කියලා. තාත්තා කියලා තියෙන්නෙ. මං කාලයක් හිටියනෙ. ඒ ඇති. ඒ ඉඩම තමුන්ගෙ දරුවන්ටනෙ වටින්නෙ. මං යනවා කියලා. එහෙම තමයි තාත්තා …… හදාගෙන යමින් සිටි පහසුකම් …. ගෙදරට ඇවිත් තිබෙන්නෙ. එහෙම පුදුම වටිනා මනුස්සයෙක්. කිසි දෙයක් බරපතළව ආශාවෙන් අල්ලගන්නෙ නෑ. ඕනෑ මොහොතක ඕනෑම දෙයක් අත්හරින්න එතුමාට පුළුවන්.

* ඩබ්ලිව්. ඒ. සිල්වාට කැමැතියි

තාත්තා පැතුවෙ යුක්ති සහගත සාධාරණ සමාජයක්. එතුමා පිලිප් ගුණවර්ධනට, රොබට් ගුණවර්ධනට උදව් කළා. ඒ අයගෙ මිත‍්‍රයෙක්. රොබට් වෙනුවෙන් මැයි පෙළපාලි පවා ගියා. මාවත් මේ දේශපාලන රැුස්වීම්වලට එක්ක යනවා. මැයි පෙළපාලි එක්ක ගිහින් පෙන්වනවා. ඩබ්ලිව්. ඒ. සිල්වාගේ කතාවලින් හදපු චිත‍්‍රපට බලනවා. ‘රදල පිළිරුව’ මා තාත්තාත් එකක් බලපු චිත‍්‍රපටයක්.

ඒ කාලෙ දෙමව්පියන්ට වගේ මගෙ තාත්තා අම්මාටත් මං වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවරයෙක් කරන්න පැතුමක් තිබුණා. මා උසස් පෙළට හැදෑරුවෙත් විද්‍යා අංශයෙන්. ලංකා ජාතික ශිෂ්‍ය සභාවෙත් මං කි‍්‍රයාකාරීව හිටියා.

* වෙසක් නාට්‍ය හා හදවතේ රිදුම

තලංගම තරුණ පෙළ එකතු වෙලා හැම වෙසක් එකකටම විශාල නාට්‍යයක් පෙන්වනවා. මං විශාල කීවෙ පිළිවෙළට මනාව සකස් කළ යන අර්ථයෙන්. ඒකෙ තිර රෙදි සකස් කළේ මමයි. තොරණ මැද්දේ මේ වේදිකාව සකසන්නෙ. මං ඒ පසුතල නිර්මාණ ආදිය කරන කොට තාත්තා තමන්ගෙ යාළුවෙක්ට කියලා තියෙනවා. මං දරුවො හැදුවෙ මේවා කරන්න නොවෙයි කියලා. මට ඒ වචන රිදුමක් ගෙන දුන්නා. ඒත් තාත්තා මට ඇහෙන්න කීවෙ නෑ. එයාගෙ බලාපොරොත්තු බිඳ වැටුණු බව ඒ ප‍්‍රකාශයෙන් තේරුණා.

*  ගුරුකම එක දවසයි

මං වෙනත් පැත්තකට හැරුණා. බී. ඒ. සිරිවර්ධන මහත්මයා යටතේ මං ‘ඇත්ත’ පත්තරේ රස්සාවට ගියා. පඩිය රුපියල් 150 යි. අවුරුද්දක් විතර ගිහින් දවස, ලේක්හවුස්, ලංකාදීප මේ ආයතනවලත් කාලයක් වැඩ කළා. චිත‍්‍ර ශිල්පයත් හැදෑරුවා. 1970 දී විද්‍යා ගණිත ගුරු විභාගයට ලියලා ගුරු පත්වීමක් ද ලැබුවා. රත්නපුරේ සුමන බාලිකාවට පත්වීම ලැබුණේ. උදේ ගිහින් වැඩ කළා. පාසල ඇරුණාම සවස බස් රථයෙන් ගෙදර ආවා. ගුරුකම එච්චරයි. මේවා ගැන තාත්තා ටිකක් කම්පාවෙන් බලා හිටියා කියා හිතෙනවා. ඒත් එයාගෙ හැසිරීමෙන් ඒක ප‍්‍රකට කෙළේ නෑ. අකැමැතිකමක් පෙන්නුවෙත් නෑ.

* ගේ විකුණලා යන්න තැනක් නෑ

මං පළමු ගේ හැදුවෙ උඩහමුල්ලෙ මගෙ බතික් ව්‍යාපාර 83 ජුලි කලබලේට කඩා වැටුණා. ණය ගෙවා ගන්න බැරිව ගේ විකුණලා සල්ලි ගෙව්වා. මායි දරුවෝ දෙන්නයි බඩු පටවා ගත් ලොරියෙ නැංගා. යන්න තැනක් නෑ. විජය රාමනායක එයා ඉන්න කුලී ගෙදරට අප එක්ක ගියා. දෙහිවල සුනන්දාරාම පාරෙ ඒ ගේ අයිතිකාරයා විජයරත්න වරකාගොඩ කලා ශිල්පියා. ලොරි 3 ක බඩු තිබුණා. කොහි ගෙන යන්නද? අනුන්ගෙ ගෙවල්වල අගුපිල්වල දාලා ඒ බඩු මුට්ටු විනාශ වුණා. අපේ තාත්තා බඩු මුට්ටුත් අරන් කොහොම හරි මේ ගෙදර හොයාගෙන ඇවිත් එයාගෙ මහගෙදරට අපිට කතා කළා.

* කට්ට කාපු හැටි

මං හරියට ‘කට්ට කෑවා’ විවිධ දේ කළා ඉහළට එන්න. ඒත් එහෙම එනකොට මගෙ තාත්තා නැති වුණා. එතුමාට මගේ විජයග‍්‍රහණය පෙන්වා ගන්න බැරි වුණා. ඒත් සංසාරයේ එතුමා මා ළඟ ඉඳීවි. ඒක වළක්වන්න බෑ.

මගේ ජීවිතේ මා හැමවිට ආදර්ශයට ගත්තේ තාත්තා. එතුමා මහමෙර වැටුණත් පොඞ්ඩක්වත් සැලෙන්නෙ නෑ. ඒ තාත්තා මගෙ වීරයා.

*  රුපියල් ලක්ෂ 198 ක් අහිමියි

2015 මහින්ද රජය පරාජයට පත්වන වෙලාවෙ මා ‘ලංකා උරුමය’ ගැන කළ දැන්වීමට ද ලැබෙන්න තිබුණු මුදල රුපියල් ලක්ෂ 198 යි. ලොතරැයි මණ්ඩලයට, ලංකා සංචාරක මණ්ඩලයට, ජනාධිපති කාර්යාලයට මා කළ අපේ උරුමය පිළිබඳ තොරතුරු පති‍්‍රකාවල මුදල එසේ එකතු වී තිබුණා. ඒත් ඒ මුදල මාස 3 කට එකතු වූ මුදල. 2015 ජනවාරිවලයි ගෙවන්නට නියමිතව තිබුණේ. යහපාලන රජය පත්වූ විගස ඒ මුදල ගෙවීම අත්හිටුවනු ලැබුවා. එසේ කළේ එදා සිටි ඉහළම නායකයින්ගේ අණදීම අනුවයි. මා කළේ දේශපාලන පති‍්‍රකා නොවේ. මගෙන් ඇණවුම් කළ අපේ උරුමය කැටපත් කළ දේවල්. ඒ ආණ්ඩුවේ සිටි (නිලධාරි* බලවතෙක් මගේ පොත් ප‍්‍රකාශන ආයතනයට ඇවිත් එතුමාගේ චරිතාපදානය කරගන්න කතා කළා. මා මට වූ සිද්ධිය කීවා. එතුමාත් කනගාටු වුණා. මේ මුදල ගෙවාගන්න බැරිව …… මගෙ නෝනාගෙත් මගෙත් අන්තිම සතයත් එක්කාසු කරලා මගෙ දුවගෙ කාරයත් විකුණලා ආයතනයේ සේවකයන්ගේ පඩි පවා මා ගෙව්වෙ. …. එහි අඳුරු සෙවණැලි තියෙනවා. ඒත් මා ලෝහමය කඳක් වගේ ශක්තිමත්. ඒ මගෙ තාත්තා එවන් ආපදාවලට කලබල වී ආපස්සට නොයන ගතිය මගේ රුධිරයට කාන්දු කළ නිසයි.’’

උපාලි සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment