‘‘මොන වළේ යන්නද ’’ මේ වළ ඉහලා  ඊළඟ වළට යනවා

426

වික‍්‍රමපාල හැට හැවිරිදි අයෙකි. රෝහල් සුළු සේවකයෙක් වූ ඔහු විශ‍්‍රාම ගත්තේ මීට ටික කලකට පෙරය.

 ඔහු මස් මාංශවලට නම් දරාපු පෙරේතයෙකි. නිවස ආසන්න රෝහලක කාලයක් සේවය කළ ඔහු ලද හැම විටම නිවස අසලින් ගලායන ඔයට ගොස් මාළු අල්ලන්නට පුරුදු වූයේ තරුණ කාලයේ සිටය. මාළු නැත්නම් තලගොයෙක් හරි මරා කන්නට ඔහු රුසියෙකි. බිලී පිත්තෙන් පමණක් නොව වීසි දැලෙන්ද මාළු අල්ලන වික‍්‍රමපාල වැසි කාලයට ඇළ හරහා කරපලාවක් දමා කිලෝ ගණන් මාළු අල්ලන්නේ කුඩා කල සිට ලද පළපුරුද්දෙනි.

 ජේන් නෝනා ඒ ගමේ සිටි උපාසිකාවකි.

 මේ දිනවල හැම ඇළ දොළකම වතුර අඩියටම හිඳී ගොසිනි. වික‍්‍රමපාල වීසි දැලද රැුගෙන ඔයට ගියේ මාළු සිටින වළවල් ඉස දවසේ ආහාරයට මාළුවල රස විඳින අරමුණින්.

 ‘‘අනේ වික‍්‍රමපාල උඹ කරන පවක්. උඹ මේ අහිංසක මාළුවො ටික අල්ලලා මොනවළේ යන්නද මේ හදන්නේ..’’ රෙදි සෝදමින් සිටි ජේන් නෝනා කීවේ බුදුබණේ ස`දහන් තවත් කරුණු කාරණාද මතුරන

 ගමන්ය.

 ජේන් නෝනා නාන්න ආවනම් නාගෙන යන්න. මම මේ වළ ඉහල ඊළ`ග වළ ඉහින්න යනවා…. කනකට නොගත් වික‍්‍රමපාල ඒ ටික කියා ඊළඟ වළට ගොස් වීසිදැල වීසි කළේ හිතේ ඇතිවූ කෝපයත් සමගිනි.

 පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment