මොන සන්ධාන ගැහුවත් ජනතා අභිලාෂය මාලිමාව සමගයි – අනුර කුමාර

254

කවර සන්ධානයක් බිහිවුව ද ජනතා අභිලාෂයන් ඇත්තේ මාලිමාව කෙරෙහි පමණකැයි ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ පැවසීය.

මෙවන් සන්ධාන බිහිවීම පස්සා දොරින් එළියට බැස ප්‍රධාන දොරටුවෙන් නිවසට ඇතුළුවීමක් යැයි ද ඔහු කීය.

පසුගිය ආණ්ඩුවල වගකීම් දැරූ වංචා දූෂණයන්ට හවුල්ව ඇති කිසිවකු ජාතික ජන බලවේගය සමග එක් කර නොගන්නා බවත් අවධාරණය කර කීවේය.

දැන් ජනපතිවරණ සටන තිබෙන්නේ සාමාන්‍ය පොදු ජනතාවගේ නියෝජිතයා අතර හා ජනපති පුතු දෙදෙනකු සමග සහ ජනාධිපති බෑනෙක් අතර යැයි ද ඔහු කීය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment