මොබිටෙල් පිරිනමන ‘සබැඳියාවේ නියමුවා’

49

අධ්‍යාපනය ලබන තරුණ තරුණියන්ට මහඟු පිටිවහලක් ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ SLT මොබිටෙල් ආයතනය මගින් පිරිනමන පහසුකම් රැසක් පිරි Youth Pack ජංගම දුරකතන සම්බන්ධතාවය ජාතික තරුණ සේවා සභාවේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අධ්‍යාපනය ලබන තරුණ තරුණියන් හට මහඟු පිටිවහලක් බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ජාතික තරුණ සේවා සභාව හා SLT මොබිටෙල් ආයතනය එක්ව Youth Pack ජංගම දුරකතන සම්බන්ධතාවය තරුණ තරුණියන් වෙත හඳුන්වා දීමට (03 දා) ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ පැවති වැඩසටහනේදීය.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

රටක් ලෙස ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස වැටෙන්න තිබෙන පහළම තැනට අපි වැටිලා අවසන්. මේ රටේ අර්බුදය මේ තැනට පතවීමට මගේ පැත්තෙන් මම හිතනවා දේශපාලනයේ සිදුවූ අඩුපාඩු මෙන්ම රාජ්‍ය සේවයේ දුර්වලකමත්, මහජනතාවගේ කැපවීම කියන මේ කුලුනු තුනම වගකිව යුතුයි.

මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛi අමල් හර්ෂ ද සිල්වා මහතා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති රවීන්ද්‍ර සමරවික්‍රම මහතා, වාරිමාර්ග අමාත්‍යාංශයේ උපදේශක ආචාර්ය ටිරාන් ද අල්විස් මහතා, SLT මොබිටෙල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි චන්දික විතාරන මහතා, සාමාන්‍යාධිකාරි සුගත් අබේසිංහ මහතා, සාමාන්‍යාධිකාරි රුක්ෂාන් ද සිල්වා මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි නලින් ගම්ලත් මහතා සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment