මොරටු රන් හටන අද සහ හෙට

95

මොරටුව වේල්ස් කුමර විදුහලත්, ශාන්ත සෙබස්තියන් විදුහලත් අතර වාර්ෂික ‘මොරටු රන් හටන’ 73 වැනි මහා ක්‍රිකට් තරගය අද (21) සහ හෙට (22) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩක මෙන්ම වේල්ස් කුමර විදුහලට නායකත්වය දුන් කුසල් මෙන්ඩිස්ගේ සොහොයුරු ඔමේශ් මෙන්ඩිස් මෙවර වේල්ස් කුමර විදුහල මෙහෙයවයි. උප නායකයා වන්නේ සුමල්ක ප්‍රනාන්දුය. ශාන්ත සෙබස්තියන් විදුහල සන්දීශ් ප්‍රනාන්දු විසින් මෙහෙයවනු ලබන අතර මහේන් සිල්වා උප නායකයා ලෙස කටයුතු කරයි.

දෙවිදුහල අතර 38 වැනි එක්දින තරගය 23 වැනිදා එස්එස්සී පිටියේදී පැවැත්වීමට නියමිතය.

ශාන්ත සෙබස්තියන් විදුහල් පිල: ඉදිරි පෙළ (වමේ සිට) කැළුම් පෙරේරා මහතා (පුහුණුකරු), කණිෂ්ක පෙරේරා මහතා (ක්‍රිකට් ක්‍රීඩාභාර ආචාර්ය), මහේන් සිල්වා (උප නායක), දිලුෂ චාමර පෙරේරා පියතුමා (ක්‍රීඩා භාර ආචාර්ය), සංජීව මෙන්ඩිස් පියතුමා (විදුහල්පති), සන්දීෂ් ප්‍රනාන්දු (නායක), බ්‍රැඩ්මන් එදිරිවීර මහතා (පුහුණුකරු), සංඛ පෙරේරා මහතා (සහාය පුහුණුකරු) (මැද පෙළ – වමේ සිට) අජිත කුඩලිගම, ටිරල් බාස්කරන්, නවෝද් ප්‍රනාන්දු, විමත් දින්සර, අදේශ් අල්මේදා, නදීශ් ප්‍රනාන්දු, ආලෝක ප්‍රනාන්දු, ජානක සිල්වා, නිලාශ් පෙරේරා (පසු පෙළ – වමේ සිට) සජාන් විජේරත්න, දිනෙත් මල්ලවආරච්චි, රයන් දිසානායක, මනුජ වන්තික, යශින් ප්‍රනාන්දු, රුවනෙත් කුමාරදාස, සනේශ් ප්‍රනාන්දු, සසිඳු ප්‍රාර්ථන

වේල්ස් කුමර විදුහල් පිල: ඉදිරි පෙළ (වමේ සිට) ආර්. ඒ. සංජය මහතා (සහාය පුහුණුකරු), තරිඳු අමරසිංහ, කසුන්දේවප්‍රිය මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), රංජිත් අයිලප්පෙරුම මහතා (නියෝජ්‍ය විදුහල්පති), ඔමේෂ් මෙන්ඩිස් (නායක), හසිත කේ. වෙත්තිමුණි මහතා (විදුහල්පති), සුමල්ක ප්‍රනාන්දු (උප නායක), සරත් තිලකරත්න මහතා (ක්‍රිකට් ක්‍රීඩා භාර ආචාර්ය), කැළුම් ප්‍රනාන්දු මහතා (පුහුණුකරු), සමීර ප්‍රනාන්දු මහතා (භෞත චිකිත්සක) (පසු පෙළ – වමේ සිට) නෙතුල් අනුහස්, පසිඳු ප්‍රනාන්දු, බාසුරු කල්හාර, ඔෂාන් ද සිල්වා, උනෙත් පීරිස්, අචල පෙරේරා, සුභාස් ගෞරව, රිචිත් ජයසූරිය, ප්‍රින්ස් ප්‍රනාන්දු, ගවීශ රොහාන්, ප්‍රසන්න ලක්මිණ, පසන් කුරේ, රනුක රොඩ්රිගෝ

චමින්ද සිල්වා


advertistmentadvertistment