මොස්කව් සිට ශී‍්‍ර ලංකාවට සතියකට ගුවන් ගමන් 3 ක්

219

අපේ‍්‍රල් 9 දා සිට මොස්කව් සිට සතියකට ගුවන් ගමන් 3 ක් බැගින් ශී‍්‍ර ලංකාවට සංචාරකයන් ඇතුළු මගීන් ගෙන ඒමට රුසියානු ඒරොප්ලොට් සමාගම තීරණය කර ඇත.

ඒරෝප්ලොට් ගුවන් සේවාවේ එයාර්බස් යානා මේ සඳහා යොදවා ඇතැයි එම ගුවන් සේවාවේ ප‍්‍රකාශයෙක් ඊයේ (29 දා) පැවසීය.

රුසියාවට සම්බාධක පැනවුවත් එරොප්ලොට් ගුවන් ගමන් නතර කරන්නේ නැතැයි ඔහු පවසයි. මේ අතර ශී‍්‍ර ලංකන් ගුවන් සේවාව මොස්කව් වෙත ගුවන් ගමන් නතර කළේ රක්ෂණ සම්බන්ධ අර්බුදයක් හේතුවෙන් බව ද පැවසේ.

ශී‍්‍ර ලංකන් ගුවන් යානා රක්ෂණය කර ඇත්තේ බි‍්‍රතාන්‍යයයේ නිසා රුසියානු සම්බාධක ඊට බලපායි.

කීර්ති වර්ණකුලසූරිය


advertistmentadvertistment