මෝදි හෙට දිවුරුම් දෙයි – විපක්ෂ නායක රාහුල් ගාන්ධි

631

පසුගියදා පැවති ඉන්දීය මහ මැතිවරණයෙන් ජය ලැබූ නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා සිය තුන්වන ධුර කාලය සඳහා හෙට (09දා) දිවුරුම් දීමට නියමිතය.

අග්‍රාමාත්‍යවරයා දිවුරුම්දීමේ උත්සවය රාෂ්ට්‍රපති භවන් හිදී හෙට සවස 6.00ට සිදු කිරීමට නියමිතව ඇත.

මේ අතර ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායකත්වය දරන රාහුල් ගාන්ධි ඉන්දියාවේ නව විපක්ෂ නායකවරයා ලෙස පත්වීමට නියමිතය.

මෙවර මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය ජය ගත්තද ඔවුන්ට පාර්ලිමේන්තුව තුළ බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගත නොහැකි වූ අතර ඒ නිසා ඔවුන්ට රජය පිහිටුවීමට සිදුවී ඇත්තේ මිත්‍ර පක්ෂ සමග සන්ධානගත වීමෙනි.

කෙසේ වෙතත් රාහුල් ගාන්ධි නායකත්වය දුන් ඉන්දීය ජාතික කොංග්‍රසය මෙවර මැතිවරණයෙන් කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන අතර එම පක්ෂයට නායකත්වය දෙන විපක්ෂ සන්ධානයට ආසන 232ක් හිමිවී තිබේ. මෝදි අග්‍රාමාත්‍යවරයා නායකත්වය දෙන භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය හිමිකරගෙන ඇත්තේ ආසන 293කි.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment