මෝහන ප්‍රතිකාරයට අවශ්‍ය ප්‍රගමනය

481

ප‍්‍රවීණ ජ්‍යොතිර්වේදියෙකු වන කේ. ඒ. යූ. සරත්චන්ද්‍ර මහතා ඕරාව හා විශ්වශක්ති ප‍්‍රතිකාර ගැන සුවිශේෂී අත්දැකීම් ඇත්තෙකි. ආධ්‍යාත්මික උපදේශක වරයෙක්ද වන ඔහු ස්වාභාවික විශ්වශක්ති ප‍්‍රතිකාර කරයි. නවීනතම ත‍්‍රිමාණ ඕරා ස්කෑනර් යන්ත‍්‍ර ඔහු සතුව ඇති අතර රේකී මාස්ටර් කෙනෙක් හා ප‍්‍රානික් හීලර් කෙනෙක් හැටියටද සුප‍්‍රකට මෝහනවේදියකු ලෙසද සහතික ලබා ඇත.
 
 යමෙකු මෝහනය කිරීමෙන් පසුව ප‍්‍රතිකාර කිරීම පහසුය. බටහිර රටවල සැත්කම් පවා මෝහනය කිරීමෙන් සිදුකරන බව අන්තර්ජාලයේ දක්නට ඇත. නිර්වින්දය යනු කිසියම් බෙහෙතක් ශරීරගත කිරීමක් බව ඔබ දන්නවා. නමුත් කෙනෙක්ව මෝහනය තුළින් නිර්වින්දනය කළ හැකි බව ඔබ දන්නවාද? මෙසේ මෝහනය කර කරනු ලබන සැත්කම් පවා අන්තර්ජාලයේ ඇත. යමෙකුව මෝහනයට පත්කිරීමේ ක‍්‍රියාවලිය ප‍්‍රගමනය වශයෙන් හඳුන්වයි. මෙය ෂබාමජඑසදබ නමින් හඳුන්වයි, පේ‍්‍රරණය, සැහැල්ලූවීම යන නම්වලින්ද මෙය හඳුන්වයි.මේ සමහරුන්ට ඉතාමත් වේගවත්ව සිදුවන අතර සමහරුන්ට මන්දගාමීවේ. මේ ප‍්‍රගමනයට හසුනොවන අයද නැත්තේම නොවේ. මෙහිදී සිදුවන්නේ මුලින් ලිපියේ සඳහන් කළ ආකාරයට මොළයේ තරංගවල ක‍්‍රියාකාරිත්වය බීටා අවස්ථාවේ සිට ඩෙල්ටා අවස්ථාවට පත්වීමයි. මේ සඳහා කිසියම් වාචික ක‍්‍රමයක් මෝහනවේදියා භාවිතා කරයි. මේ සඳහා වෙන් වූ වෙනමම ක‍්‍රමයක් නැතත් එක් එක් මෝහනවේදීන් තමාට සුවිශේෂී වූ ක‍්‍රම භාවිතා කරයි.
 
 මෝහන ප‍්‍රතිකාරවලදී අදාළ කාරණය හඳුනාගත යුතු වන අතර, ඒ සඳහා මෝහනයට භාජනය වන්නා හා මෝහනවේදියා අතර සාකච්ඡුාවක් පවත්වයි. මෙය සෑම මෝහනයකම මූලික අවස්ථාව වේ. මෙහිදී මෝහනවේදියා විසින් කිසියම් අදහස් පෙලක් රෝගියාට දෙනු ලබයි. සාමන්‍යයෙන් මෙය අදාළ සාකච්ඡුාව තුළදී සිදුවන දෙයක් වන අතර, මෙහිදී රෝගියාට තමාගේ අදහස් පළකිරීමට වැඩි අවස්ථාවක් ලබාදේ. ඇත්තෙන්ම මෙහිදී මෝහනවේදියා වචන 10 ක් කතා කරන විට රෝගියා වචන 100 ක්වත් කතා කළ යුතුය. එහිදී සිදුවන්නෙ මෝහනවේදියා විසින් පුද්ගලයාගේ තත්ත්වය හඳුනාගැනීමකි. එසේ හඳුනා නොගෙන රෝගියාට ප‍්‍රතිකාර කළ නොහැක. වෙනත් ක‍්‍රමවලදී වාර්තා ආදිය ලබාගත්ත ද මෙහිදී එවැන්නක් සිදු නොවේ. මෙහිදී වඩා වැදගත් වන්නේ රෝගියා විසින්ම ලබාදෙන වාචික ප‍්‍රකාශයයි. මේ ප‍්‍රකාශය කරන අතරතුර මෝහනවේදියා විසින් ඔහුට උවමනා අදහස් ටික රෝගියාගේ මනසට ඇතුල් කරයි.
 
 එකේ සිට ඉහළට ගණන් කිරීම. රිද්මයානුකූල හුස්ම ගැනීම, සැහැල්ලූ වීමේ සංගීතයට සවන්දීම වැනි දේවල් මෙම අවස්ථාවේදී විවිධාකාරයෙන් භාවිත කරයි. මෙය මෝහන නිද්‍රාවක් ලෙස හඳුන්වයි. මෙහිදී දක්නට ලැබෙන ලක්ෂණ කීපයක්.
 
 1. ගැඹුරින් දැනෙන ලිහිල් බව හෙවත් සැහැල්ලූබව.
 
 2. ශරීරය නිසොල්මන්වීම.
 
 3. දෑස්වසා සිටියත් ඇස්පිහාටුවල කුඩා චලනයන් සිදුවීම.
 
 4. හුස්ම ගැනීමේ වේගය අඩුවීම.
 
 5. මුහුණේ හා ශරීරයේ මාංශපේශි ලිහිල් බවට පත්වීම.
 
 6. සාමාන්‍ය තත්ත්වයට වඩා හෙමින් කතාකිරීම.
 
 7. අක්ෂි ගෝලය තරමක් ඉහළට යාම.
 
 සාමාන්‍ය මෝහන නිද්‍රාවකදී කියන දේ හොදින් ඇසේ, වටපිටාවෙන් ඇසෙන බාහිර ශබ්දපවා හොඳින් ඇසේ. නමුත් ශරීරය මනස වඩාත් සැහැල්ලූවේ. අනේ මාව මෝහනය උනේ නැහැනෙ, කියපු දේවල් සේරම මතකයි කියා ඇතමෙක් පැවසුවත් ඇත්තටම මෝහනයේදී සිදුවන්නේ එයයි, යෝජනා ග‍්‍රහනය කරගැනීමට එම තත්ත්වය අනිවාර්යෙන්ම තිබිය යුතුය. සිහිනැතිවීමක් හෝ තද නින්දක් මෝහනයේදී සිදු නොවෙයි, මනස සැහැල්ලූ කිරීමක් පමණයි වෙන්නෙ. නමුත් මෙසේ වූ විට මෝහනවේදියා කියන දේට අඩංගුවන්නට සිදුවේ. ලබාදෙන යෝජනා ක‍්‍රියාත්මක කරන්නට සිදුවේ. සමහර මෝහන සංදර්ශනවල මෝහනයට පත්වූ පුද්ගලයා මෝහනවේදියා කියන කියන දේවල් කරන්නේ මේ තත්ත්වය නිසාය. එනම් ඩෙල්ටා තත්ත්වයට පත්වී සිටින නිසාය. යමෙක් මෝහන නිද්‍රාවකට එක්වරම හෝ එක් ක‍්‍රමයකින් පත්වන අවස්ථාවක එකම දෙවරක් කරනවා වෙනුවට වෙනත් පේ‍්‍රරන ක‍්‍රමයක් භාවිත කළ හැක. මෝහන නිද්‍රාවේද අදියර කීපයක් ඇත.
 
 1. අඩුමෝහන නිද්‍රාව
 
 2. මධ්‍යම මෝහන නිද්‍රාව
 
 3. ගැඹුරු මෝහන නිද්‍රාව
 
 මුලින් හඳුනාගත් ආකාරයට රෝගියාගේ තත්ත්වයට ගැලපෙන සුදුසු ප‍්‍රගමනයක් මෝහනවේදියා තෝරාගනු ලබයි. ඒවා පහත සඳහන් පරිදි කුමක් හෝ එකක් විය හැක.
 
 1. පඩිපෙළක් දිගේ ගණන් කරමින් පහළට බැසීම.
 
 2. විදුලි සෝපානයක් දිගේ ගමන් කිරීම
 
 3. දුම්රියකට වේදිකාවෙන් නැගීමට සලස්වා එහි වේගය වැඩිවන ආකාරයට ගමන් කරවීම.
 
 4. පොළවෙන් ඉහළට එසවෙන ඩ්‍රෝන යානාවක නැගී ඉහළට යෑම.
 
 5. මුහුදු වෙරළකට යෑම.
 
 6. උද්‍යානයකට රැගෙන යෑම.
 
 7. ගඟකින් එතෙරවීම.
 
 8. කෙලින් ඇඳි තනි රේඛාවක් මත ඇවිදගෙන යාම.
 
 මෙවැනි තවත් බොහෝ ප‍්‍රගමන ඇත. රෝග පීඩාවලදීන්ම වඩාත් සුදුසු හිසේ සිට දෙපතුල දක්වා පියවරෙන් පියවර කොටසින් කොටස මාංශපේශීන් තදකරවීම හා සැහැල්ලූ කිරීමයි. මේ කුමන ප‍්‍රගමනයක් වුවත් කළයුත්තේ මෝහන නිද්‍රාවකට පත්වීමෙන් පසුවයි. එසේම මේ ප‍්‍රගමනයන් ඉතාමත් සැලකිල්ලෙන් හා විමසිල්ලෙන් මෙන්ම රිද්මයානුකූලව කළ යුතුය.


advertistmentadvertistment