යකඩ රත්තරන්ලා කෝටි ගණන් ගරලා

891

පොලීසියේ ලොක්කොත් සපෝට්ලු

නිධානවලින් ලබා ගන්නා රත්තරන් කාසි සහ ආභරණ ලබා දෙන බව කියමින් යකඩ කැබලි ලබාදී ධනවත් පුද්ගලයන් රවටා රුපියල් කෝටි ගණනින් මුදල් උපයන සංවිධානාත්මක කණ්ඩායම් කීපයක් අනුරාධපුර සහ පොලොන්නරුව ප්‍රදේශවල රජ කරමින් සිටින බව වාර්තා වෙයි.

ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන් කීපදෙනෙකුගේම සහාය මෙම ජාවාරම්කාරයන්ට ලැබී ඇති නිසා මොවුන් ප්‍රසිද්ධියේම මෙම ජාවාරම සිදු කරන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන් කීපදෙනකු මෙම ජාවාරම්කරුවන් සමීපව ඇසුරු කරන අතර ඔවුන්ගේ අධි සුඛෝපභෝගී වාහන පවා මෙම නිලධාරීන් පරිහරණය කරන බව වාර්තා වෙයි.

මෙම ජාවාරම්කරුවන්ට එරෙහිව කොතෙකුත් පැමිණිලි පොලිසිය වෙත ලැබුණත් ඒවා සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් නොකරන්නේ මෙම උසස් පොලිස් නිලධාරීන්ගේ බලපෑම් නිසා බව ද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.

නිධානවලින් ලබා ගන්නා රන් කාසි රන් ආභරණ ලබාදෙන බව කියමින් රට පුරා ධනවත් පුද්ගලයන් රවටා ඔවුන් අනුරාධපුරය, පොලොන්නරුව සහ ඒ අවට ප්‍රදේශවලට ගෙන්වා ඔවුන්ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් ලබාගෙන රත්තරන් යැයි කියා යකඩ කැබලි සහිත බෑගයක් ලබාදී වංචා කරන කණ්ඩායම් කීපයක් මෙම ප්‍රදේශවල ජයට ම සිය ජාවාරම කරගෙන යන බව වාර්තා වෙයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment