යක්කු ගස් නගින වෙලාවේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනීම…

315

මහ රැ යාමේ බොහෝ දේ සිදුවෙයි. පසුගිය දිනවල ඇතැම් ආන්දෝලනාත්මක ගිවිසුම් අත්සන් තැබුණේ ද මහා රාත‍්‍රියේය. ඇතැම් ගැසට් නිවේදන ක‍්‍රියාත්මක වන්නේ ද මධ්‍යම රාත‍්‍රියේ සිටය. මේ අනුව පසුගියදා තෙල් මිල වැඩිවීම නිවේදනය කළේ ද රාත‍්‍රි දොළහ පසු වී විනාඩි කිහිපයකිනි. මේ තෙල් මිල වැඩිවීමත් සමගම ජනයා මුහුණ දී සිටින බඩු මිල පීඩනය තවත් උග‍්‍ර අතට පත් වී ඇත. මේ තෙල් මිල වැඩිවීම සහ තවත් ආර්ථික කරුණු කාරණා ගණනාවක් ගැන අපි මේ ලිපියෙන් සාකච්ඡා කළෙමු.

 * ලෝක මිල අඩු වෙද්දී අපේ තෙල් මිල වැඩි වෙයි

 දිගින් දිගටම බඩු මිල ඉහළ ගොස් ජනයා ඉතා අමාරුවෙන් සිටින මොහොතක ආණ්ඩුව විසින් දේශීය ඛනිජ තෙල් මිල ගණන් තවත් වරක් වැඩි කළේය. ඒ ඇමෙරිකානු ඩොලර් 85 කට පමණ වැඩිව තිබූ තෙල් බැරලයක ලෝක මිල ගණන් අඩු වෙමින් තිබියදී වීම ද විශේෂත්වයකි. මේ අනුව ඉකුත් දෙසැම්බර් 20 දින වන විට තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 71 ක් පමණ දක්වා අඩු වී තිබිණි. ගිය වසරේ (2020) කොරෝනා වසංගතය සමග තෙල් මිල විශාල වශයෙන් අඩු වුවත් ඒ වාසිය ජනතාවට ලබා නොදී රජය කළේ ඒ මුදල් තෙල් මිල ස්ථායිකරණ අරමුදලකට රැුස් කිරීමයි. තෙල් මිල වැඩි වන විට මේ මුදල් යොදාගෙන තෙල් මිල ස්ථායි ලෙස පවත්වාගෙන යන බව බන්දුල ගුණවර්ධන ප‍්‍රමුඛ රජයේ මැති ඇමැතිවරු කී බව අපට මතකය. එහෙත් ඒවා ජනයා රැුවටූ හුදු වචන පමණක්ම විය. රජය එදා කී ඒ කිසිවක් ඉටු වූයේ නැත. ඒ අරමුදලේ මුදල් වෙනත් කටයුතු සඳහා වියදම් කළ අතර රජය තෙල් මිල වැඩි වන විට මීට පෙර ද වතාවක් තෙල් මිල වැඩි කළේය. මෙවර තෙල් මිල වැඩි කළේ දෙවන වතාවට වන අතර එය සිදු කළේ ලෝක තෙල් මිල ගණන් අඩු වෙමින් තිබියදීය.

යක්කු ගස් නගින වෙලාවේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනීම...

 *  බඩු මිල තවත් ඉහළට

 මේ තෙල් මිල ගණන් වැඩි වීම ප‍්‍රවාහන ගාස්තු සහ විදුලි නිෂ්පාදන වියදම් යනාදිය හරහා තවත් වටයකින් බඩු මිල ඉහළ යෑමට හේතුවන කරුණකි. ප්ලේන්ටියේ, බස් ගාස්තුවේ සිට සෑම දෙයකම මිල ගණන් දැන් වැඩි වනු ඇත. ජනයා මුහුණ දෙන උග‍්‍ර මිල පීඩනය සමනය කිරීමට කිසිදු ඵලදායි පියවරක් රජය විසින් ගෙන නැති අතර රජය විසින් නිසි සැලැස්මක් නැතිව ක‍්‍රියාත්මක කළ කාබනික පොහොර ප‍්‍රතිපත්තිය නිසා අස්වැන්නට සැලකිය යුතු බලපෑමක් වනු ඇත. ඒ අනුව එළවළු සහ වී නිෂ්පාදනය, තේ නිෂ්පාදනය ඇතුළු කෘෂි නිෂ්පාදනය ද ඉදිරි කාලයේ දී අඩු වීමෙන් ඒවායේ මිල ගණන් තවදුරටත් වැඩි වනු ඇත. ඒ නිසා ගොවි ජනයාට මේ පීඩාවන්ට සහ පොදු ජනයාට බඩු මිල පීඩනයට මුහුණ දීමට සිදුව ඇත්තේ කොරෝනා වසංගතය නිසාම නොව රජයේ අ¥රදර්ශී තීන්දු තීරණ නිසාය.

 * තෙල් මිල වැඩි කළේ ඇයි?

 තෙල් මිල වැඩි කළේ තෙල් පාඩුවට විකුණන නිසාම ද? අප නම් සිතන්නේ එය එසේ නොවන බවයි. එනම් අපට නම් පෙනෙන්නේ අප මුහුණ දී සිටින ඩොලර් ප‍්‍රශ්නය මේ සියල්ල සමග බැඳී ඇති බවයි. පසුගිය දිනවල වැඩි වී තිබූ ලෝක තෙල් මිල කෙටිකාලීනව අඩු වී තිබුණත්, මේ වසරේ (2021) තෙල් ආනයන වියදම් සමස්තයක් ලෙස ගිය වසරට වඩා වැඩි වී තිබේ. ඒ නිසා මෙය තෙල් සංස්ථාවේ අලාභ අඩු කර ගැනීමට ගත් පියවරක් පමණක් නොව තෙල් සඳහා පවතින ඉල්ලූම ද කිසියම් දුරකින් අඩු කරගනිමින් තෙල් භාවිතය ද අඩු කරගැනීමට ගත් පියවරක් ලෙස සැලකිය හැකිය. සෑම තෙල් මිල වැඩි කිරීමකින් පසුවම එම මිලට ප‍්‍රතිචාර දක්වමින් කෙටිකාලීනව තෙල් භාවිතයේ (විශේෂයෙන් පෙට‍්‍රල්) කිසියම් අඩු වීමක් සිදු වේ. රජය තෙල් මත යැපෙන ආර්ථිකයෙන් මිදී වේගයෙන් පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් වෙත යොමු වීමට ද සැලසුම් කර ඇත. එහෙත් එය ද ගැසට් ගසා කාබනික කෘෂිකර්මයට එක රැුයකින් ගිය පරිදි කිරීමට හැකියාවක් නැත. ඒවා ක‍්‍රමයෙන් එහෙත් වේගවත්ව සිදු කළ හැකිය. මේ තුළ තෙල් මිල ගණන් වැඩි කිරීම සහ ඩොලර් ප‍්‍රශ්නය අතර ද සම්බන්ධයක් තිබේ. අපට තෙල් මිලදී ගැනීමට ද ඩොලර් අවශ්‍ය වේ. එහෙත් අපට මේ මොහොතේ විශාල ඩොලර් හිඟයක් ඇත. ඒ නිසා මේ මිල වැඩි කිරීමෙන් තෙල් ඉල්ලූම ද කිසියම් දුරකට අඩු වීමට හේතුවක් වනු ඇති අතර එමගින් කෙටිකාලීනව හෝ තෙල් භාවිතයේ සීමා වීමක් වන්නේ නම් එය ද සහනයකි.

 * ශ‍්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීම

 අපේ විනිමය සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1 ටත් අඩු මට්ටමකට හොඳටම පහත වැටී විදෙස් ණය ගෙවීම ඉතාම අභියෝගාත්මක තත්ත්වයට පත්ව තිබේ. මේ වාතාවරණය මත ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය ශ‍්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම තවත් පහත හෙළා තිබේ. ඒ සඳහා ඔවුන් අදාළ කරගෙන ඇති කරුණු කිහිපයකි. විදේශ සංචිත පහත වැටීම, විදේශ විනිමය ලැබීම් අඩු වීම සහ ඉහළ ණය වගකීම් පියවීමට තිබීම යන කරුණු එම ආයතනයට ශ‍්‍රී ලංකාවේ ණය ක්‍ක්‍ක්‍ කාණ්ඩයේ සිට ක්‍ක්‍ කාණ්ඩය දක්වා පහත හෙළීමට හේතු වී ඇත. ඒ අනුව මේ වන විට ශ‍්‍රී ලංකාවේ ණය යළි ගෙවීම පැහැර හැරීමට තිබෙන හැකියාව වැඩි වී ඇතැයි ෆිච් රේටින්ග්ස් ආයතනය නිල වශයෙන් පවසා තිබුණි.

 * මහ බැංකුවේ ප‍්‍රතිචාර

 ෆිච් රේටින්ග්ස් ආයතනය ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් කළ ජාත්‍යන්තර ණය ශ්‍රේණිය පහත හෙළීම ගැන මහ බැංකුව පිළිතුර දෙමින් නිල නිවේදනයක් නිකුත් කර තිබිණි. සමස්ත ලෝකයම කොවිඞ්-19 වසංගතයේ ව්‍යාප්තීන් කිහිපයක් සමඟ සටන් වදිමින් සිටින අවස්ථාවක ශ‍්‍රී ලංකාවේ සිදුවන ධනාත්මක වර්ධනයන් හඳුනා ගැනීමට අසමත් වී ඇති බව පෙන්නුම් කරමින් 2021 වසරේ දෙසැම්බර් 17 වන දින අනවශ්‍ය හදිසි පියවරක් ලෙස ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය (ෆිච් රේටින්ග්ස්) ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළුෑ බව එහි සඳහන්ව තිබිණි. එහි මෙසේ ද සඳහන්ය.

 ‘මෙම ක‍්‍රියාව, මෑතක දී, එනම් 2022 වර්ෂය සඳහා වන අයවැය වාර්තාව ප‍්‍රකාශයට පත් කිරීමට දින කිහිපයකට පෙර, මූඞීස් ආයෝජන සේවාව විසින් සිදු කරන ලද සාධාරණ නොවන ණය ශ්‍රේණිගත කිරීම් පහත හෙළීම හා සමාන වේ. විශේෂයෙන් ම ආර්ථිකයේ සියලූ අංශවල නව ප‍්‍රවණතා සහ නුදුරේ දී ලැබීමට නියමිත විදේශ විනිමය ප‍්‍රවාහ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා බලධාරීන් විසින් ෆිච් ආයතනය වෙත නිරන්තරයෙන් සිදු කළ යාවත්කාලීන කිරීම පිළිබඳ සැලකිල්ලට ගත් කල, ශ‍්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම පහත හෙළීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනයකට මතු වූ හදිසි අවශ්‍යතාව තේරුම්ගත නොහැකිය.’

 * මහ බැංකු අධිපතිගේ ප‍්‍රතිචාර

 ශ‍්‍රී ලංකාව මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය නිදහසේ තීරණය වීමට ඉඩදීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීම ඇතුළු කඩිනම් පියවර වෙත යොමු විය යුතු බව ඇතැම් ආර්ථික විශේෂඥයන් රජයට කරන යෝජනාවකි. එහෙත් මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා මේ අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමු නොවන බව කිහිප විටකම පවසා ඇත. මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ද අයවැය කතාව කරමින් මේ බව කියා ඇත. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා කියන්නේ ද එම අරමුදල වෙත නොයන බවයි. මේ නිසා විනිමය අර්බුදය උග‍්‍ර තත්ත්වයක තිබුණත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීම අවශ්‍ය බවට කවර ආර්ථික විශේෂඥයින් යෝජනා කරත් එවැන්නක් සිදු වීමට ඉඩක් ඇති බවක් නොපෙනේ. ඒ නිසා කවර මාර්ගයකින් හෝ විදේශ මුදල් සොයාගෙන ගෙවීමට ඇති ණය වාරික පියවා ගනිමින් ඉදිරියට ගමන් කිරීමට මහ බැංකුව යොමුව සිටින බව පෙනේ. ශ‍්‍රී ලංකාව විදේශ සංචිත තරකර ගැනීමට දැනටමත් ගෙන ඇති පියවර අනුව දෙසැම්බර් 31 වැනිදා වන විට මෙරට විදේශ සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 3 දක්වා ඉහළ යන බව මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පසුගියදා මාධ්‍ය හමුවේ සහතිකවම ප‍්‍රකාශ කළේය. ‘ඔක්කෝම ණය ගෙවනවා කියලා මම කිහිප සැරයක්ම කියලා තියෙනවා. ඒක අනිවාර්යෙන්ම කෙරෙනවා’ යැයි ද ඔහු සඳහන් කළේය.

 * විදේශ සංචිතය පහත වැටීම

 මහ බැංකු අධිපතිවරයා කියන අලූතින් ලැබෙන විදේශ විනිමය ප‍්‍රවාහයන් ලැබුණු විට නම් සංචිත තත්ත්වය ඒ කියන පරිදි වර්ධනය වනු ඇත. එම විදේශ මුදල් ලැබෙන්නේ චීනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක් සහ ඉන්දියාවෙන් තවත් ඩොලර් මිලියන 400 ක් වශයෙන් බව ද අපට දැනගන්නට තිබේ. මෙසේ ලැබෙන මුදල්වලින් තාවකාලිකව අපට විදේශ සංචිත මට්ටම තරමක් දුරට වර්ධනය කරගෙන විනිමය අර්බුදය මේ අවස්ථාවේ කළමනාකරණය කරගත හැකිය. එහෙත් ණය ගෙවීම් සහ වෙනත් විදේශ විනිමය වියදම් දැරීමත් සමග සංචිත තත්ත්වය යළිත් අඩු වේ. ලබන වසර තුළදී පමණක් අපට ඇමෙරිකානු ඩොලර් බිලියන 6.9 ක පමණ විදේශ ණය වාරික සහ පොලී මුදල් ගෙවීමට තිබේ. ඒ නිසා මේ දෙසැම්බර් 31 වන විට සංචිත මට්ටම අමෙරිකානු ඩොලර් බිලියන 3 දක්වා වැඩි වුවත් වර්ෂය පුරා අපට ණය ගෙවීම් කිරීමට තිබෙන ප‍්‍රශ්නය ඉතා බැ?රුම් එකකි.

 මෙසේ දිගින් දිගටම සහ ඉදිරි වර්ෂවල දී ද අපට විශාල විදේශ ණය පියවීමට තිබෙන නිසා මේ විනිමය අර්බුදයට කෙටිකාලීන විසඳුම් මෙන්ම දිගුකාලීන තිරසාර ප‍්‍රතිකර්ම ද අනිවාර්යෙන්ම අවශ්‍ය වේ. එසේ නැතුව එදිනෙදා පැලැස්තර දමමින් යන ගමන තුළ රටේ මහජනතාවට විශාල දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවනු ඇත. භාණ්ඩ හිඟයන්, බදු මිල වැඩි වීම් සහ පෝලිම් යනාදියට නිතර මුහුණ දීමට සිදුවනු ඇත. මෙහිදී අපේ විදේශ විනිමය පේ‍්‍රෂණ දිගින් දිගටම පහත වැටෙන්නේ කුමක් නිසා ද යන්න සොයා බලා එම හේතුවලට නිසි ප‍්‍රතිකර්ම යෙදිය යුතු වේ. අප ණය ලබාගෙන පවා ගත්ත ණය පියවීමට උත්සාහ කරමින් සිටින අවස්ථාවේ අපට ලැබෙමින් තිබෙන විදේශ විනිමය පේ‍්‍රෂණ පවා විශාල වශයෙන් අඩු වන්නේ නම් එය බලවත් ප‍්‍රශ්නයකි. ශ‍්‍රී ලංකාවට මාසිකව ආනයන සඳහා ඩොලර් බිලියන 1.5ක මුදලක් වැය වන අතර සංඛ්‍යාත්මකව ගත් කල මේ වන විට මෙරට පවතින සංචිත දැන් ප‍්‍රමාණවත් වන්නේ එක් මාසයක ආනයන ආවරණය සඳහා පමණක් වේ. අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවමින් පසුගිය මාසවල දී වර්ධනය වෙමින් තිබෙන නමුත් ආනයන වියදම් ඊට වඩා වැඩි වේගයකින් වර්ධනය වෙමින් වෙළෙඳ හිඟය ද පුළුල් වෙමින් තිබේ.

 නොවැම්බර් මස උද්ධමනය 11.1 ට වැඩි වීම

 ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, පසුගිය ඔක්තෝබර් මාසයේ පැවති සියයට 8.3 සිට ඉකුත් නොවැම්බර් මාසයේ දී සියයට 11.1 දක්වා විශාල ලෙස ඉහළ ගොස් තිබේ. මේ සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු වී ඇත. නොවැම්බර් මාසයේ දී ජා.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 3.14ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙළින්, සියයට 2.61කින් සහ සියයට 0.53කින් ඉහළ යෑම මේ සඳහා හේතු විය. සිදුව ඇති භාණ්ඩ මිල ඉහළ යාම් සලකන විට මෙසේ උද්ධමනය ඉහළයාම පුදුමයක් ද නොවේ. තෙල් මිල ඉහළ යාම සමග තවත් වටයකින් බඩු මිල ඉහළ යන නිසා මේ වැඩි වී ඇති උද්ධමනය ඉදිරියේ දී තවත් ඉහළ යනු ඇත. මේ නිසා තවදුරටත් මහජනයාට ගත කිරීමට සිදුවනුයේ ඉතා පීඩාකාරී කාලයක් බව නම් පැහැදිලිව පෙනෙන්නට තිබේ. x

 ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment