යටපත් කළ නොහැකි මහා කුසලය කඨින පිංකම

97

පඨවිරිව න ජාතුකම්පනේ – න චලති මෙරුරිවානි වායුනා
 වජිරමිව න භිජ්ජතේ ඝනං – තමිද මතෝ කඨිනන්ති වුච්චති

 කඨින චීවර දානමය කුසල කර්මය යනු, යමෙකුට මහා පොළොව කිසි දිනක කම්පා නොකළ හැක්කාක් මෙන් ද, මහමෙර අධික සුළ`ගින් සෙළවිය නොහැක්කාක් මෙන්ද, මහා දියමන්ති පර්වතය බිඳ විනාශ කළ නොහැක්කක් මෙන් ද, ආනන්තරීය පාප කර්මයකට හැර වෙනත් කුසලයකට හෝ අකුසලයකට යටපත් කළ නොහැකි නිසා ද මේ ස්ථාවර කුසලයට කඨින යැ’යි කියනු ලැබේ.

 මහා පෘථිවිය, මහා මේරු පර්වතය, වජ‍්‍ර පර්වතය යන මේ සියල්ල ලොව ස්ථාවර වස්තූන් ලෙස සැලකේ. විනාශ වෙතොත් මේවා ස්වාභාවිකව එන කල්පාන්තයේදීය. එසේ නොමැතිව මනුෂ්‍යයෙකුට හෝ දෙවි බඹකුට හෝ ඒවා සොලවන්නට විනාශ කරන්නට නොහැකි, ඒක ඝන මහා වස්තූන් වශයෙන් සැලකේ.

 එමේනම කඨිනයක් සම්පූර්ණ කර පිදීමෙන් ලැබෙන ආනිසංසයන් ද කිසිවෙකුටත් සොලවා විනාශ කරන්නට කම්පා කරන්නට නොහැකිය.

 කඨිනය වැඩමවීම.

 වස් පවාරණය කළ භික්‍ෂුන්ට චීවර පූජා කරන දිනයේ අළුයම එය ගෞරව බහුමිනයෙන් විහාරස්ථානයට වැඩමවීම සාම්ප‍්‍රදායික චාරිත‍්‍රයකි. ඇතැම් අවස්ථාවකදී ඒ වෙනුවෙන් අති උත්කර්ෂවත් පෙරහරක් පවත්වනු දැකිය හැකිය.

 මෙම පෙරහැර සඳහා කැපකරු දායක පක්‍ෂයේ ශක්තිය අනුව අලි ඇතුන් හේවිසි තූර්්‍යය වාදන, නැටුම් ආදි විවිධ සංස්කෘතිකාංග එක් කරයි. මෙම කඨින පෙරහැර සංචාරය කරනුයේ භික්‍ෂූන් වස් විසූ ආරාමයට අයත් ගොදුරු ගම් හා ඒ අවට ගම් ආවරණය වන පරිද්දෙනි. ඇතැම් පිරිස් දන්සැල් ආදිය ද පවත්වමින් පෙරහැරට

 සහභාගීවන්නන්ගේ සාපිපාසා දුරලා කුසල් රැුස්කර ගනිති.

 විශාල පිරිසකට කඨින පිංකමෙහි ආනිසංස අනුමෝදන් වීමට ඉඩ ප‍්‍රස්ථාව සැලසීම මෙම පෙරහැරෙහි මුථ්‍ය පරමාර්ථයයි.

 ඇතැම් විට කඨින වස්ත‍්‍රය හෝ චීවරය මෝල් ගසක ඔතා, දෙදෙනෙකු කර තබාගෙන යනු දැකිය හැකිය. වර්ථාමනයේ රථ වාහන පහසුකම් තිබෙන බැවින් ඒවා අලංකාරව සරසා, එහි තැන්පත් කොට පුද පෙරහරින් වැඩමවනු ලබයි. මේ නිසා කඨින පෙරහැර මග දෙපස රැුස්වන සැදැහැතියන්ට කඨින වස්ත‍්‍රය හෝ චීවරය සියතින්ම ස්පර්ශ කොට වැ`ද පින් අනුමෝදන්වීමේ භාග්‍ය හිමිවෙයි.

 මෙලෙස තුන්යම් රාති‍්‍රය පුරාම ගමින් ගමට වීථි සංචාරය කළා වූ කඨින පෙරහැර අලූයම විහාරස්ථානයට

 ළ`ගාවෙයි. කොස් කොළයේ හෝ අම කොළයේ නැට්ට පෙනෙන තරමට යාන්තම් හිරු උදාවීම කඨින පෙරහැර විහාරස්ථානයට ඇතුලූවීම ස`දහා නිශ්චිත වේලාව ලෙස පුරාතනයේ පටන්ම සැලකිණි. වර්තමානයේ ලංකාවේ බොහෝ ප‍්‍රදේහ වල පමණක් නොව ලොව පුරා ද වෙසෙන බෞද්ධ ජනතාව මෙම පෙරහැර දිවා කාලයේ පවත්වා වැඩි පිරිසකට පිංකමට එකතුවීමට අවස්ථාව සලසා දෙමින්, රාති‍්‍ර කාලය එ් ස`දහා සූදානම් කළ තම නිවසක තැන්පත් කොට තබා ගනිමින්, පුද පූජා පවත්වන්නට පැමිණෙන සැමට සංග‍්‍රහ කරමින් බොහෝ කුසල් රැුස් කරගන්නා ආකාරයක් දැකගත හැකිය.

 මෙසේ මහත් උත්සවාකාරයෙන් වැඩම කරවූ කඨිනය වස්ත‍්‍රයක් නම් ‘‘ඉමං කඨින දුස්සං භික්ඛු සංඝස්ස දේම’’ කියා ද සිවුරක් නම් ‘‘ඉමං කඨින චීවරං භික්ඛු සංඝස්ස දේම’’ කියා ද තෙවරක් කියා පූජා කළ යුතුයි.

 කඨිනය සැකසීම.

 අනතුරුව භික්ෂූන් වහන්සේලා හෝ මැහුම් ගෙතුම් දන්නා ගිහි පැවිදි දායක පක්ෂය ද අභිමත පරිදි, විනය ද රැුකෙන පරිදි, එහි කඩ කපා කඨින චීවරය සකස් කරති. වස්ත‍්‍රයක් නම් එදිනම මසා පඩුපොවා ගැනීම ස`දහා අවශ්‍ය ඉදිකටු නූල් පඩු ආදි වූ උපකරණද දායකයින් විස්නම පූජා කරයි.

 පුරාතන යුගයේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කඨිනය ගෙත්තම් කිරීම (මැසීම* සිදු කෙරිණි. එහිදී බොහෝ සැදැහැවත්හු නූල් ඇමිණීම, මැසීම ආදි කටයුතු සියතින්ම සිදු කිරීමට මහත් රුචිකත්වයක් දැක්වූහ. ඒ අනුව කඨිනය සකස් කිරීම පූජා කිරීම ඇතිරීම යන සියල්ලක්ම එක් දිනක් තුළ සිදුකළ යුතුවෙයි.

 කඨින චීවරය මසා නිම කිරීමෙන් අනතුරුව එය සුදු පැහැති වස්ත‍්‍රයක් නම් සෝදා පිරිසිදුකොට ප`ඩු පේ වීම සිදු කළයුතුය. මේ සඳහා සිවුරු රෙද්දක් භාවිතා කළේ නම් එහි ප`ඩු පෙවීම සංකේතවත් කිරීම් වස් සිවුරෙහි කොණක් සෙදීම පුරාතන චාරිත‍්‍රයකි. මෙම විශේෂ අවස්ථාවේදී හේවිසි – හොරණෑ වාදනය කිරීමෙන් ශබ්ද පූජා පැවැත්වීම ද පුරාතණයේ සිදු කෙරිණි. මේ අනුව ගෙත්තම් කොට ප`ඩු පොවා වේලා සකස් කරගත් කඨින චීවරය, කඨීන පූජා මණ්ඩපයෙහි උසස් ආසනයක තැන්පත් කෙරෙයි.

 කඨිනය පිරි නැමීම.

 ප`ඩු පොවා සකස් කරන ලද කඨින සිවුර සීමා මාලකයෙහි සිටින භික්‍ෂූන් අතරින් ඉතාම සුදුසු භික්‍ෂුව තෝරා විනය කර්ම වාක්‍යකින් එම භික්‍ෂුවට සංඝයා විසින් සිවුරු නැවත පවරනු ලැබේ.

 මේ පූජාව සිදු කිරීමට අඩුම වශයෙන් සීමාවට උපසමන්න භික්‍ෂූන් පසු නමක්වත් රැුස්ව සිටිය යුතුය. එහිදී කඨිනචය පවරන භික්‍ෂූන් වහන්සේගේ නම කර්ම වාක්‍යයට ඇතුළත් කොට ව්‍යක්ත ප‍්‍රති බලසම්පන්න භීක්‍ෂූන් වහන්සේලා දෙනමක් විසින්,

 ‘‘සුනාතු මේ භන්තේ සංඝෝ ඉදං සංඝස්ස කඨින දුස්සං උප්පන්නං යදි සංඝස්ස පත්තකල්ලං සංඝෝ ඉමං කඨින දුස්සං (තිස්සස්ස* භික්ඛුනෝ දදෙය්‍ය කඨිනං අත්ථරිතුං ඒසා ඤත්ති ’’ යනාදී වශයෙන් කර්ම වාක්‍ය ප‍්‍රකාඹ කොට සිවුර නියමිත භික්‍ෂූන් වවහන්සේට භාරදෙනු ලැබේ.

 එලෙස කඨිනය ලද භික්‍ෂුව ඊට නියමිත විනය පිළිවෙත් නිමවා ‘‘ඉමිනා චීවරේන කඨිනං අත්ථරාමි ’’- මේ සිවුරෙන් කඨිනය අතුරමි ලෙස භික්‍ෂූන් ඉදිරියෙහි ප‍්‍රකාශ කළ යුතුය. එසේම වස් තෙමස තුළ වස් ශික්ෂා පදය ආරක්‍ෂා කරමින් එකට වැස වස් පවාරණය කළ අනෙකුත් භික්‍ෂූන්ට ද පිං අනුමෝදන් කළ යුතුය.

 මෙසේ සංඝ සම්මුතියෙන් කඨින චීවරය ලබාගත් භික්‍ෂුව එහි කප් බින්දුව තැබීම නම් චාරිත‍්‍රය ඉටුකළ යුතුය.

 මොණර ඇසක ප‍්‍රමාණයේ කවාකාර බිංදු තුනක් සිවුරේඑක් කොනක තැබීම කප් බිංදුව තැබීම සාමාන්‍යයෙන් කරනුයේ බුලත් කොළයක් සිවුරේ යටින් තබා ඒ මත උඩින් කවාකාර යතුරකින් තද කිරීමෙනි. මෙයින් අලූත් වස්ත‍්‍රයක් පිළිබඳව ඇතිවන ආශාව යටපත් කිරීම අදහස් කෙරෙයි.

 ශාස්ත‍්‍රපති නලගම දම්මවංශ හිමි

 සංස්කරණය – නිශාන්ත අමරසිංහ

advertistmentadvertistment