යතුරුපැදි 2ක් මුහුණට මුහුණ ගැටේ

472

දෙදෙනෙක් මරුට

පින්වත්ත ගාලු පාරේ පිරිවෙන හන්දියේ ඊයේ (26දා) අලුයම සිදුවූ යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී යතුරුපැදීකරුවන් දෙදෙනා මියගොස් පසුපැදිකරුවකු බරපතළ තුවාල ලබා ඇති බව පින්වත්ත පොලිසිය පවසයි.

පානදුර, ඇටඹගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි සචිත නිමේෂ් 24 හැවිරිදි තරුණයකු සහ පානදුර , පින්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ශාමික සිල්වා නමැති 35 හැවිරිදි පුද්ගලයකු බව අනතුරෙන් මියගොස් ඇති බව පොලිසිය කීය.

එක් යතුරුපැදියක් කළුතර දෙස සිට පැමිණ පින්වත්ත පිරිවෙන පාරට හැරවීමට සූදානම්ව ඇති අතර, අනෙක් යතුරුපැදිය පානදුර දෙසින් පැමිණ මුහුණට මුහුණ ගැටී ඇති බව පොලිසිය පවසයි.

බරපතළ තුවාල ලබා සිටී තිදෙනා පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර, රෝහල් ගත කරනවිටත් එක් යතුරුපැදිකරුවෙකු මියගොස් සිට ඇති අතර, අනෙක් යතුරුපැදිකරු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය කීය.

වාද්දුව දෙස සිට පැමිණි යතුරු පැදියේ පසුපැදිකරු බරපතළ තුවාල ලබාඇති බවත්, ඔහු පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය සඳහන් කරයි.

පින්වත්ත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පද්මනන්දන මහතාගේ උපදෙස් පරිදි, රථවාහන අංශ ස්ථානාධිපති සැරයන් (13880) පී.කේ. ප්‍රියන්ත සහ කොස්තාපල් (104119) රාජපක්ෂ යන නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

වාද්දුව සුමිත් පොතුපිටිය සහ පානදුර දීපිකා කාරියවසම්


advertistmentadvertistment