යන ක්‍රමය වෙනස් වුණොත් යළි පෝලිම් යුගයක් වේවි – එජාප සභාපති වජිර අබේවර්ධන

75

කවුරුහරි පොරොන්දු ගොඩක් ලියලා කොළයක් දීලා ඔවුන්ට ඡන්දය දෙන්න කියලා කිව්වට කවදාවත් ඒ පොරොන්දු ඉටු කරන්න ලැබෙන්නේ නෑ. ඔවුන් ඔබට සිදු කරන්නේ විශාල බොරුවක්. අපේ අරමුණ කවුරුවත් ඉවත් කරන්න, කොන් කරන්න නොවෙයි. එකතු කර ගන්න. දැනට තිබෙන ක්‍රමය වෙනස් වුණොත් අනාගතයේදී රට තුළ අර්බුදයක් ඇතිවේවි” යයි එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ගාල්ලේදී පැවසීය.

සමහරු ෆේස්බුක්වල අපට අම්මා මුත්තා මතක් කර බණිනවා. එහෙම බැණලා රටේ ගමේ නගරයේ ප්‍රශ්න විසඳෙනව නම් කමක් නෑ. එයින් සිදු වන්නේ බණින අයගේ සිත් දූෂණය වෙලා ලේ නරක්වෙලා නරක ලෙඩ හදාගන්න එක. එයින් කාටවත් ප්‍රයෝජනයක් වන්නේ නෑ. මේ ටික වටහාගෙනයි දේශපාලනය කළ යුත්තේ. ඡන්දය පාවිච්චි කළ යුත්තේ. මෙය අවබෝධ කර ලොගෙන ඔබ කටයුතු කරන්නේ නම් අනාගතය අඳුරු වේවි. රට අගාධයට යාවි.

මේ යන මාර්ගය වෙනස් කළහොත් නැවත වරක් ඔබට පෝලිම්වල සිටින්නට වේවි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා භාර ගත්තේ කිසි කෙනෙක් භාර නොගත් රටක් යයිද ඔහු කීය.

ගාල්ල – ලලිත් චාමින්ද හ හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment