යහපාලන ආණ්ඩුවේ මිල සූත‍්‍රය තිබුණා නම් 157 පෙට‍්‍රල් ලීටරය 164 ක් වෙනවා

480

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

යහපාලන ආණ්ඩුව සමයේ තෙල් මිල සූත‍්‍රයට අනුව  ගණනය කළවිට රුපියල් 157 ට ඇති පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 164 දක්වාද, රුපියල් 111 ට තිබෙන ඞීසල් ලීටරය රුපියල් 122 දක්වාද ඉහල යන බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ඊයේ (22දා* පාර්ලිමේන්තුවේදී පැවැසීය.
 
 ඒ අනුව ජාතියේ වාසනාවකට ඒ ආණ්ඩුව මේ වනවිට බලයේ නැතැයිද සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් ප‍්‍රනාන්දු මහතා විසින් අසන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා සඳහන් කළේය.
 
 

යහපාලන ආණ්ඩුවේ මිල සූත‍්‍රය තිබුණා නම් 157 පෙට‍්‍රල් ලීටරය 164 ක් වෙනවා

ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදල සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් සභාගත කර ඇති මහ බැංකු වාර්ෂික වාර්තාවේ සඳහන් වන බවද හෙතෙම පැවැසීය.
 
 විදුලි මිල ඉහළ නොදැමීමට එම මුදල් භාවිත කර තිබෙන බවද උදය ගම්මන්පිල ඇමැතිවරයා කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment