යළි යළිත් රස විදිය හැකි ඇන්ටිගනී

487

උසස් විදෙස් සාහිත්‍ය කෘති සිංහල පාඨක ප‍්‍රජාවේ රසවින්දනය උදෙසා තිළිණ කරමින් අනගි සාහිත මෙහෙවරක යෙදෙන සාහිත්‍යවේදී ආරියවංශ රණවීරයන් විසින් පරිවර්තනය කරන ලද කෘතියකි.

 සෙෆොලීක්ස් නම් ශ්‍රේෂ්ඨ නාට්‍ය ප‍්‍රබන්ධකරුවා විසින් ක‍්‍රි. පූ. 440 දී පමණ ලෝක සාහිත්‍යට දායාද කළ අනගි නිර්මාණ ගොන්න අතුරින් ඇන්ටිගනී උසස්ම කලා කෘතියක් ලෙස සැලකිය හැක.

 එවකට ග‍්‍රීක සමාජයේ පැතිර පැවති පුරාණ ඇදහිලි විශ්වාස ඇසුරෙන් ගොඩනැගුණු පුරාවෘත්තයක් මතින් රචිත ‘‘ඇන්ටිගනී” නාට්‍යය විකාශනය වන්නේ ඊඩිපස් රජුගේ දියණියක වන ඇන්ටිගනී විසින් සටනකදී මිය ගිය පොලිනීසස් නම් සිය සොයුරාගේ දේහයට අවමංගල්‍ය චාරිත‍්‍ර ඉටු කිරීමට රාජ්‍ය පාලනය කළ ක‍්‍රියෝන් රජු කළ තහනම නොතකා ඒ සඳහා එඩිතරව නිර්භයව පියවර ගැනීම යන සිද්ධිය ඔස්සේය.

 ශාපයකට ලක් වූ බව පැවසෙන ඊඩිපස් රජුගේ දියණියන් දෙදෙනා ඇන්ටිගනී සහ ඉස්මෙන් ය. පුතුන් දෙදෙනා එටියෝක්ලේස් සහ පොලිනීසස් තම පියාගේ මරණින් පසු නිසි වයසට ඒමටත් පෙර රාජ්‍ය පාලනය ලබා ගැනීමට ඔවුනොවුන් සටනට පිවිසෙයි. ඊඩිපස්ගේ ඇවෑමෙන් ඒ වනවිට තීබය හි රජව සිටි මොවුන්ගේ මයිලනුවන් වන ක‍්‍රියෝන් ගේ අවවාද ඉවතලමින් කළ මේ සටන් වලදී පොලිනීසස් ආගෝස් නුවරට පලා ගොස් සේනාව රැුස් කරගෙන පැමිණ යුද වදී. මෙහිදී ක‍්‍රියෝන් ඔහු සමග දැඩිව උරණ වෙයි. මෙම ද්වන්ධ සටනේදී දෙසොහොයුරෝම එකවර මරණයට පත් වන අතර ක‍්‍රියෝන් විසින් රට රැුක ගැනීමට සටන් වැදි එටියෝක්ලේස් ගේ අවම`ගුල රාජ්‍ය ගෞරව සහිතව කිරීමටත් පොලිනීසස් ගේ දේහය බලූ කපුටන්ට කා දමන්නට හරින ලෙසටත් රජ අණ පනවයි. එකල එම සමාජයේ පැවති විශ්වාසයන්ට අනුව මිය ගිය අයෙකු සුගතිගාමී වීමට නම් අවමංගල චාරිත‍්‍ර නිසියාකාරව සිදු කළ යුතු බවටත් එසේ නොකර අවමන් කළහොත් දුගතිගාමී වන බවටත් දැඩි මතයක් විය. ඇන්ටිගනී නාට්‍යයට පාදක වූ පුරාවෘත්තය සැකෙවින් එසේය.

 මහා දාර්ශනික ඇරිස්ටෝටල් පවසා ඇති පරිදි ග‍්‍රීක සාහිත්‍යයේ ශෝකෝත්පාදක නාට්‍යයට හොඳින්ම  ගැළපෙන නිදසුන සෙෆොලීක්ස්ගේ ‘‘ඊඩිපස් රජ” වුවද ශෝකෝත්පාදක නාට්‍ය පිළිබඳ අනෙක් න්‍යායාචාර්යවරයා වන හේගල් පවසන්නේ ඊට හොඳින්ම ගැළපෙන්නේ ‘‘ඇන්ටිගනී” බවයි.

 ඒ අනුව අදටත් උචිත නවීනත්වය රැුඳුනු සරළ සහ අපූර්ව නාට්‍ය ආකෘතියකට යටත්ව එකල පැවති සම්ප‍්‍රදායික ක‍්‍රමෝපායන්ට අනුකූලව සොෆොක්ලීස් මෙම කෘතිය රචනා කර ඇති බව පැහැදිලි වන බවට බොහෝ සාක්ෂි කෘතිය සම්මර්ශනයේ දී හමු වෙයි.

 පේ‍්‍රක්ෂකයා දැන සිටි පුරාණ කතාවක් නාට්‍යයකට පෙරළීමේදී රචකයා ගේ පරිකල්පන ශක්‍යතාව භාවිතයෙන් ‘‘සිදු වූ දෙය” නොව එය සිදු වූ ආකාරය ගෙනහැර දැක්වීමට සමර්ථ විය යුතුය.

 සිද්ධීන් තෝරා බේරා පෙළ ගැස්වීමට ප‍්‍රවේශම් විය යුතුය. එනම් කතා වින්‍යාසය හෙවත් ක‍්‍රියාවන්ගේ අනුකරණයයි. මෙහිදී සොෆොක්ලීස් විසින් ඒ කාර්ය ඉතා ශූර ලෙස ඉටු කර ඇත.

 එක් එක් කොටසට උචිත පරිදි රමණීය භාෂා භාවිතය ප‍්‍රකට කරමින් සොෆොක්ලීස් විසින් මීළ`ගට ගෙන එන්නේ ගායන වෘන්දයයි. මෙහිදී නාට්‍යකරුවාගේ පරමාර්ථය කතා පුවත දිග හැරෙන පසුබිම පෙන්වා දෙන අතර සිදු වූ යුද ගැටුමේ භයානක බවත් ක‍්‍රියෝන් රජුගේ තීරණයේ සාධාරණ බව පිළිබඳවත් එවැන්නකට එරෙහිව ගියහොත් ඇන්ටිගනී කුමරියට මූණ දීමට සිදුවන භයානක බවත් ඉස්මතු කිරීමය.

 ඊළඟට ක‍්‍රියෝන් රජුගේ වේදිකා අවතීර්ණ වීමත් ඔහු තමා දුන් අණ සහ එය සාධාරණ බවත් ප‍්‍රකාශ කෙරෙන අවස්ථාවයි.

 මෙතැනදී ක‍්‍රියෝන් විසින් ඇන්ටිගනීට සමාව දීම හෝ දඬුවම් දීම යන දෙකෙන් ක‍්‍රියෝන් ගන්නේ දඬුවම් දීමේ තීරණයයි.

 ඉස්මෙන්ටද මරණ දඬුවම පැනවීම තුළින් ක‍්‍රියෝන් දැඩි මතධාරී උද්දච්ච මාන්නක්කාරයෙකු බව තව තවත් ඔප්පු වේ.

 නමුත් හීමන් කරළියට පැමිණීමත් ඔහු උපක‍්‍රමශීලී සංවාදයක් භාවිතයෙන් තම පෙම්වතිය වන ඇන්ටිගනීව ඇය කෙරෙහි වන දැඩි පේ‍්‍රමයෙන් යුතුව මරණයෙන් මුදා ගැනීමට වෑයම් කිරීමත් සමග ක‍්‍රියෝන් ගේ මේ දැඩි තීරණය යම් ආකාරයක දෙදරීමකට ලක් වෙන බවක් පෙන්වයි. පේ‍්‍රක්ෂකයා හීමන් හා ඇන්ටිගනී අතර පේ‍්‍රමයක් ඇති බව දැන ගන්නේද මෙතැනදී ය.

 ඇන්ටිගනීව ගල් ගසා මරා දැමීම වෙනුවට ගල් ගෙයක සිර කිරීමටත් ඉස්මෙන්ට දුන් දඬුවම ඉවත් කිරීමටත් මෙතැනදී ක‍්‍රියෝන් ගත් තීරණයයි.

 ටෙරසියාස් නම් තමාගෙ මතය සමග ගැටෙන්නන් හා කෝප ගන්නා සුළු ගති ඇති පූජකයා අතර සංවාදයේ දී ක‍්‍රියෝන් ගේ මාන්නය මුළුමනින්ම කඩා වැටේ. මෙහිදී ඇන්ටිගනීව ගල් ගෙයින් නිදහස් කිරීමට හා පොලිනීසස් ගෙ දේහයට අවසන් බුහුමන් දැක්වීමටත් අවසර දෙයි.

 ඒ සමගම හීමන් ක‍්‍රියෝන් ඉදිරියේම එල්ලී මැරී සිටි ඇන්ටිගනී ගේ සිරුර වැළඳ ගෙනම දිවි තොර කර ගැනීමත් මේ සිද්ධිය අසා කම්පිතව බිරිඳ යුරිඞීස් දේවිය දිවි හානි කර ගැනීමත් සමග එය තවත් තීව‍්‍ර වේ.

 කතාව කූටප‍්‍රාප්තියෙන් පසු මෙසේ විසර්ජන අවස්ථාව පසු කර විත් සමෝධානයට පත්ව මුල සිට අග දක්වා අවියෝජනීයව කතාව අපූරුවට ගලා එයි.

 ලෝක ස්වභාවය ගැඹුරින්ම ස්පර්ශ කරන කෘතියක් වූ ඇන්ටිගනී හි ප‍්‍රධාන චරිතය ක‍්‍රියෝන් බව බොහෝ විචාරකයෝ පවසති. ඔහුගේ අධම ගති හේතුවෙන් නාට්‍ය පුරාම සිදුවන ඔහුගේ කඩා වැටීම ඉස්මතුව පෙනෙන නිසා එසේ පවසනු ඇති මුත් ඇතැම්හු මෙහි මුඛ්‍ය චරිතය ඇන්ටිගනී බව පවසන අතර එම කරුණ ස්ඵුට කරන සාධක බොහෝමයක් ඊට සාපේක්ෂව පෙන්වා දිය හැක.

 ඇන්ටිගනී මාතෘ පේ‍්‍රමය පෙරදැරිව සිය දිවි දෙවැනි තන්හි තබා දැඩි අදිටනින් යුතුව සිය සොයුරා වෙනුවෙන් එඩිතරව ක‍්‍රියා කළ කුමරියකි. ඇය සටන් කරේ හුදු යොවුන් පේ‍්‍රමයක් උදෙසා නොවන බව කිව යුතුමය. සොයුරු පෙම වූ කලී උත්තරීතර වූ හෘදයාංගම පේ‍්‍රමයකි. සිදුවීම පුරාවටම ඇගේ චිත්ත ධෛර්යය කිසි විටෙක බිඳ නොවැටිනි. මරණය අභිමුව ද ඇය වීර කාන්තාවක් ලෙස ඇගේ හදවතට එකඟව රාජ්‍ය නීතියට අභියෝග කළාය. අවසානය තෙක් දේව නීතිය ඇදහුවාය. ඈ මුග්ධ තැනැත්තියක නොවේ. ජීවිත කාලය පුරා ගල් ලෙන තුළ සිටිය හැකි වූවද ඇය ගෙල වැලලාගෙන මිය ගියේ ඈ කෙරෙහි වූ නොසැලෙන දැඩි ගුණය හේතුවෙනි. එවන් කුමරියකගේ ඉරණම එසේ විසඳීම කාරුණ්‍යය සහ භය ඇති කිරීමට සමත් ශෝකෝත්පාදක කතා පුවතකි. එයින් ඇය මෙහි ප‍්‍රධාන චරිතය යන කරුණ විශද වේ.

 ඊට අමතරව කෘතියේ සෑම චරිතයක්ම අතිශයෝක්තියකින් තොරව ලෝක සත්තාව, මානවීය හැඟීම් මත පිහිටුවා ගොඩනැගීමට සොෆොක්ලීස් දක්ෂ වී ඇත.

 එඩිත් හැමිල්ටන් නම් විචාරකයා සඳහන් කරන පරිදි, ‘‘සොෆොක්ලීස්ගේ චරිත මුළු ලොවම හඳුනන ප‍්‍රබල ආත්ම සහිත රදළ පෙළැන්තියට අයත් වන්නේ නම්” ඔවුන්ගේ භූමිකා නැරඹීම අපේක්ෂා කරන්නෝද ඊට සමාන ආත්මගති සහ වින්දන ශක්ති ඇත්තෝ වෙති.

 * වයලට් ප‍්‍රියදර්ශනී විතානගේ

advertistmentadvertistment
advertistmentadvertistment