යළි වැටෙන රට ගොඩගන්න එ.ජා.ප.ය හා රනිල් සූදානම්

73

එ.ජා.ප. සභාපති

යාන්තම් ගොඩගත්ත රට යළි වැටෙමින් තිබෙනවා. මේක තේරුම් අරන් මැයි 6 වැනිදා ඡන්දය ප්‍රකාශ කරන ලෙස එ.ජා.ප. සභාපති වජිර අබේවර්ධන මහතා ගාල්ල තලාපිටිය ප්‍රදේශයේ ජන හමුවකදී ඉල්ලා සිටියේය.

මීට අවුරුදු දෙකකට කලින් මේ රට බිංදුවට වැටුණා. මහජනයා එකතු වෙලා එක්සත් ජාතික පක්ෂයත් බිමට දැම්මා. අපිට තිබුණේ පාර්ලිමේන්තුවේ එක මන්ත්‍රී ආසනයයි. ඒ වෙලාවේ මම මූලික වෙලා යෝජනාවක් සම්මත කරලා කිව්වා. ඒ මන්ත්‍රී ආසනයට අපි යවන්න ඕන අපේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාව කියලා. එතකොට මගෙන් ඇහුවා එතුමාව පාර්ලිමේන්තු යවන්නේ විපක්ෂ නායක කරන්නද කියලා. මම කිව්වා අපි එතුමාව පාර්ලිමේන්තුවට යවන්නේ රට ගොඩගන්න අගමැති කරලා ජනාධිපති කරන්න කියලා. එවිටත් මහජනයා හිනා වුණා. කොහොම නමුත් අපි එතුමාව පාර්ලිමේන්තු යවලා

අගමැති කරලා ජනාධිපති කරලා වැටුණු රට ගොඩගත්තා.

මේ මැයි 6 වැනිදා ඉතා වැදගත්. මැයි 6 වැනිදා ඡන්ද පොළට

ගියාම ඔබ කල්පනාවෙන් තීන්දු ගන්න ඕන. මොකද නුදුරේදීම රට වැටෙනවා. රට වැටුණම ඔබ වැටෙනවා. ඒක සහතිකයි. ඒකට දැන් අපිට කරන්න දෙයක් නෑ. නමුත් අපිට කරන්න පුළුවන් දේ තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් එක්ක එකතුවෙලා ඔබව නැගිට්ටවලා ඔබව ශක්තිමත් කරන එක. ඒක අපි කරලා දෙන්නම්. ඒ ගැන බය වෙන්න එපා. වැටෙන එක නවත්තන්න බැහැ. අපි මේ කතා කරන මොහොතෙන් මේ රට වැටෙමින් තිබෙන්නේ.

මම දැක්කා ආසියානු සංවර්ධන බැංකුවේ වාර්තාව. මම දැක්කා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන එක. මම දැක්කා ලෝක බැංකුව කියන කියන එක. රනිල් මහත්තයා අමාරුවෙන් හදපු රට බිම දාගෙන බිම දාගෙන යනවා. එතකොට ඔබ වැටෙනවා. බොරුව හැමදාම ඉදිරියට

ගෙනියන්න බැහැ. අපේ ආගම අනුව බොරුවක් කියන්නෙම මහා විනාශයක්. දැන් ඔබට බොරු කිව්වා. ඔබ ඒ බොරුවලට රැවටුණා. එ.ජා.ප.ය රට රකින වැඩේ යළි භාරගන්න සූදානම්.
හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්


advertistmentadvertistment