‘යාගී’ මියන්මාරයේ 226 ක් බිලි ගනී

97

80 ක් අතුරුදන්

‘යාගී’ සුළි කුණාටුවේ බලපෑමෙන් මියන්මාරයේ මියගිය පිරිස 200 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව පුද්ගලයින් 226 දෙනකු කුණාටුවේ බලපෑමෙන් සිදු වූ අනතුරුවලින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වී තිබේ. තවත් පුද්ගලයින් 80 දෙනකු පමණ අතුරුදන්ව ඇත.

යාගී සුළි කුණාටුව වියට්නාමය, තායිලන්තය, ලාඕසය හරහා හමාගිය අතර ඉන් සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් 500 කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment