යාපනයේ අරාලි මාරක අනතුරෙන් වෛද්‍යවරයෙක් හා ඔහුගේ මිතුරා එතනම මරුට

1300

තවත් දෙදෙනකුට බරපතළ තුවාල

යාපනයේ කළුන්දෙයි අරාලි ප්‍රදේශයේදී යතුරු පැදිදෙකක් එකිනෙක මුහුණට මුහුණ ගැටීමෙන් වෛද්‍යවරයෙකු හා තවත් අයෙකු සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් තවත් දෙදෙනෙකු 30 දා බරපතළ ලෙස තුවාල ලබා තිබේ

යාපනයේ අරාලි ප්‍රදේශයේ සිට වෛද්‍යවරයෙකු තවත් අයෙකු සමග යතුරුපැදියකින් යාපනය නගරය දෙසට පමිණෙමින් සිටියදී කළුන්දෙයි ප්‍රදේශයේ සිට පැමිණි යතුරුපැදියක් වෛද්‍යවරයාගේ යතුරුපැදියේ මුහුණට මුහුණ ගැටී තිබේ.

ඒ අවස්ථාවේදී වෛද්‍යවරයා හා ඔහුගේ මිතුරා සිද්ධිය වූ ස්ථානයේදීම මිය ගොස් ඇති අතර අනෙක් යතුරුපැදියේ සිටි දෙදෙනාම මාරාන්තික තුවාල ලබා තිබේ. තුවාලකරුවන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

වෛද්‍ය නිලධාරි මහේෂ්වරන් මයුරන් (37) සහ ඔහු සමග ගමන් කළ ජයසුන්දරම් සරෝජන් (29) යන දෙදෙනා මේ අනතුරෙන් මියගොස් තිබේ. මනිපායී පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment