යාපනයේ සිසුවෙක් පාරේ යද්දී සිහිසුන්ව ඇද වැටී මියයයි

0

යාපනයේ තෝල්පුරම් විග්නේශ්වර විද්‍යාලයේ සිසුවකු මහ පාරේ ගමන් කරමින් සිටිය දී සිහිසුන්ව ඇද වැටී 16 දා මියගොස් තිබේ.

ඔහු පාසලේ පැවති පන්තියකට ගොස් ආපසු මිතුරකු හමුවී ඔහු සමග සිසිල් බීම පානය කිරීමට අසල වූ වෙළෙඳසලක් වෙත යමින් සිටියදී එක්වරම ඔහු බිම ඇද වැටී තිබේ.

අවට සිටි පිරිස වහාම ඔහුව යාපනය ශික්ෂණ රෝහලට රැගෙන යෑමට පියවර ගෙන ඇති නමුත් ඔහු රෝහල්ගත කරන අවස්ථාව වනවිට මියගොස් සිටි බව වෛද්‍යවරු ප්‍රකාශ කොට තිබේ. මෙසේ මියගොස් ඇත්තේ තෝල්පුරම් ප්‍රදේශයේ පදිංචි තවරාසා කෝපිකුමාරන් නමැති 16 හැවිරිදි සිසුවෙකි.

මියගිය සිසුවා සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ හදිසියේ වළඳුණු හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවයි.

යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment