යාපනයේ කෝපායී, කොණ්ඩාවිල් ප‍්‍රදේශයට කඩාවැදුණු මැරයන් පිරිසක් නිවෙස් කිහිපයකට පහර දී ඒවායෙහි තිබූ වාහන පහකට අලාභහානි සිදුකොට පුද්ගලයන් සිවුදෙනකුට පහර දී තිබේ.
මේ ප‍්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ සිවුදෙනකු යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව එක් අයකුගේ අතක් ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීමට සිදුව තිබේ.
මෙම මැරයන් පිරිස යතුරුපැදිවලින් පැමිණ ඇති අතර මෙම නිවාසවලට හා වාහනවලට පහර දීමට හේතුව මෙතෙක් වාර්තා වී නොමැත. මැරයන්ගේ ප‍්‍රහාරය නිසා මෝටර් රථයක්, ත‍්‍රිරෝද රථ දෙකක් හා යතුරුපැදි දෙකකට අලාභ හානි සිදුව තිබේ. යාපනයේ කෝපායි පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි. මීට දින දෙකකට ඉහතදීද යාපනයේ කොකුවිල් ප‍්‍රදේශයට පැමිණි මැරයන් පිරිසක් නිවාසවලට පහර දී පලාගොස් තිබේ.