යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු හය දෙනෙක් – මහාචාර්ය පදවි ලබති

106

යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් හය දෙනෙකු මහාචාර්ය පදවි පිරිනැමීම ස`දහා තෝරා ගෙන සිටින බව යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ශ‍්‍රී සර්ගුණරාජා මහතා 1 දා පැවසීය.

මහාචාර්යවරු වශයෙන් පත් කිරීම සදහා ලැබුණු ඉල්ලූ‍ම්පත් අතරින් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ අනුමැතිය මත ඔවුන් ඉල්ලූ‍ම් පත් ඉදිරිපත් කළ දිනයේ සිටම ඔවුන් වෙත මහාචාර්ය පදවි පිරිනැමෙන බවද උපකුලපතිවරයා පැවසීය. යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධව සේවය කරන යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ යාපනය ශික්ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍ය. වෛද්‍ය එන්.රාජේන්ද්‍ර, ශල්‍ය වෛද්‍ය අංශයේ ප‍්‍රධානී, යාපනය ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ වෛද්‍ය, එන්.සුකාන්තන්, වෛද්‍ය ප‍්‍රසව හා නාරිවේද අංශ ප‍්‍රධානී, යාපනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය එස්.කලෙන්ද්‍රන් ප‍්‍රසව හා නාරිවේදය පිළිබඳ කේ.මුහුන්දන්, භූගෝල විද්‍යා අංශයේ පීඨාධිපති සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කේ.විශ්වලිංගම් දෙමළ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කේ.සුදාකර්, ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එස්. සිවසුබ‍්‍රමනියම් සහ භූගෝල විද්‍යාව, දෙමළ හා ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එස්.ශිවසුබ‍්‍රමනියම් යන ආචාර්යවරු මහාචාර්ය පදවිවලට පත්ව සිටිති.

දිනසේන රතුගමගේ

 

advertistmentadvertistment
advertistmentadvertistment