යාල වන උද්‍යානයේ යකා නැටූ පුතුන් අතර තමාගේ පුතා සිටින බවට පැතිර ගිය ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නැතැයි කෘෂිකර්ම, වනජීවී වන සම්පත් ඇමැති මහින්ද අමරවීර මහතා ‘දිවයින’ ට පැවැසීය.
මෙම සිද්ධියට තමන්ගේ පුතු කිසිලෙසකින් සම්බන්ධ නැතැයි ද එම පැතිර ගිය කතා පට්ටපල් බොරු ඒවා යැයිද ඒ මහතා කීය. මෙම සිද්ධිය පිළිබඳ අපක්‍ෂපාතී පුළුල් පරීක්‍ෂණයක් සිදුකරන බවත් ඒ අනුව එලෙස නීති කඩමින් හැසිරුණ අයගේ තරාතිරම නොබලා නීතිමය පියවර ගන්නා බවත් ඒ මහතා කීය.
මෙවැනි සිද්ධි සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හා අනෙකුත් මාධ්‍ය හෙළිකිරීමේ වරදක් නොදකින මුත් ඊට සම්බන්ධ නොවන පාර්ශ්ව අපහසුතාවට පත්කරමින් වගකීම් විරහිතව කටයුතු කිරීම පිළිබඳව කනගාටු වන බවද ඒ මහතා පැවැසීය.
තමා ඇමරිකාවේ නිල කටයුත්තක ද නිරතව සිටියදී ලද ආරංචියට අනුව එහි සිට උපදෙස් ලබාදෙමින් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් බවද අමරවීර මහතා සඳහන් කළේය.
නෝමන් පලිහවඩන