යාල යකා නැටූ අයට වසර තුනක තහනමක්

248


පසුගියදා යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු වී වනසතුන්ට හිංසාවන පරිදි හා අනිසි ලෙස වාහන ධාවනය කළ පුද්ගලයින්ට හා එම වාහනවලට වසර තුනක් යන තෙක් ශ්‍රී ලංකාවේ කිසිදු ජාතික වනෝද්‍යානයකට ඇතුළු වීමට නොහැකි වන පරිදි අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා අද පැවසීය.යාල වනෝද්‍යානයේ දී සිදුවීම සම්බන්ධව වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද පැවැති සාකච්ඡාවෙන් පසු කෘෂිකර්ම හා වන ජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ලබා දුන් උපදෙස් පරිදි මෙහිදී තීන්දුව ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment