යුක්තිය මෙහෙයුම් සඳහා අද (11) සිට හමුදාවේ සහාය ලබාගැනීමට පොලීසිය තීරණය කර ඇත.
ඒ සම්බන්ධයෙන් සියලුම පොලිස් ස්ථාන මේ වන විට දැනුවත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා පැවසීය.
දරුණු ගණයේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වුණොත් යුද හමුදාව ඒ පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ටල නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට අදාළ සම්බන්ධීකරණය සිදුකරලාල ඔවුන්ව කැඳවා ගැනීමට අවශ්‍ය කරන පහසු ක්‍රමවේදයක් සකස් කිරීම දැනට සිදුකරලා තියෙනවා. ඒ අනුව අවශ්‍ය වුණොත් යුද හමුදා සහාය ලබාගන්න කියලා පොලිස්පතිතුමා විසින් අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා. යැයි තල්දුව මහතා කීය.