‘යුක්තියට’ හමුවූ පුංචි අවි ගබඩාව

571

මිනුවන්ගොඩ වසමේ ජාපාලවත්ත ප්‍රදේශයේදී පොලීසියට ලද තොරතුරක් මත ගිනි අවි සඳහා යොදන පතරොම් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙක් ව අත්අඩංගුවට ගෙන තිබේ.යුක්තිය මෙහෙයුමට සමගාමීව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් විසින් එම වැටලීම ඊයේ (09) සිදු කර ඇත.එහිදී T-56 ගිනි අවි පතරොම් ගැබ 2ක්, පිස්තෝල පතරොම් ගැබ 2ක්, T-56 ජීව පතරොම් 144ක්, පිස්තෝල සඳහා භාවිත වන පතරොම් 02ක් සොයාගෙන තිබේ.43 හැවිරිදි මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි එම සැකකරු සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් අටක් ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇත.මෙම පතරොම් සහ පතරොම් ගැබ විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් විසින් මෙම සැකකරුට ලබා දෙන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment