යුක්තිය මෙහෙයුමෙන් රත්ගමත් සුද්ධ වෙයි

104

යුක්තිය මෙහෙයුම යටතේ මත්කුඩු ජාවාරම්කරුවන් 15 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බැව් රත්ගම පොලිසිය පවසයි.

මෙකී මත්කුඩු ජාවාරම්කරුවන් රත්ගම පොලිස් බල ප්‍රදේශය තුළ පදිංචිකරුවන් වන අතර ඔවුන් කාලයක සිට මත්කුඩු ජාවාරම කරගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි. මත්ද්‍රව්‍ය කාර්යාංශය හා පොලිස් විශේෂ කාර්යාංශය මගින් ලබාදුන් තොරතුරු අනුව මෙම මත්කුඩු ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගත් බැව් පොලිසිය පවසයි. මෙකී මත්කුඩු ජාවාරම්කරුවන් සියලුදෙනා අධිකරණය වෙත ඉදිරිපත්කොට ඇති අතර රත්ගම පොලිස් බල ප්‍රදේශයේ පදිංචි තවත් මත්කුඩු ජාවාරම්කරුවන් දෙතුන්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඇති බවද පොලිසිය පවසයි. රත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ.එල්.ඩී ප්‍රියන්ත මහතාගේ මෙහෙයවීම යටතේ මෙකී මත්කුඩු ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment