යුක්රේන නීති විරෝධී ආයුධ යුරෝපයට ඒමට වැට බදී

466

යුක්රේනයෙන් යුරෝපයට නීති විරෝධී ලෙස අවි ආයුධ පැමිණීම වලක්වා ගැනීමට ජාත්‍යන්තර ආරක්ෂාව සහ දේශ සීමා කළමනාකරණය සංවිධානයට පූර්ණ සහාය ලබාදීමට පියවර ගන්නා බව යුරෝපා සංගමයේ ස්වදේශ කටයුතු පිළිබඳ කොමසාරිස් Ylva Johansson මහතා පවසයි.මෙලෙස යුක්‍රේනයේ සිට නීති විරෝධී ලෙස අවි ආයුධ පැමිණීම යුරෝපයේ රටවලට තර්ජනයක් එල්ල වන බව ද ඒ මහතා සඳහන් කරයි.මෙම අවි ආයුධ ජාවාරම මේ වනවිට යුරෝපා රටවලට හිසරදයක්ව ඇතැයි ද පවසයි. මේ අනුව දේශ සීමා ආරක්ෂාවේ නිරතව සිටින ආරක්ෂකයිනට මෙවැනි නීති විරෝධී ආයුධ යුරෝපයට පැමිණෙන තොරතුරු එක් ස්ථානයක් මගින් ලබාදීමට කටයුතු කිරීමට අවධානය යොමු කර ඇතැයි ද ස්වදේශ කටයුතු කොමසාරිස් වරයා පවසයි.එවිට ඉතා පහසුවෙන් ඒවා හදුනාගත හැක බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment