යුක්රේනයේ පවතින යුද්ධය අවසන් කිරීම හා ඇමෙරිකාව හා රුසියාව අතර බිඳී ගොස් පවතින සබඳතා යළි ඇති කර ගැනීමේ අරමුණින් ඇමෙරිකානු හා රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඊයේ (18දා) සෞදි අරාබියේ රියාද් අගනුවර දී සාකච්ඡා ඇරඹූ බව විදෙස් මාධ්‍ය පවසයි.
මේ යටතේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ හා රුසියානු විදේශ කටයුතු ඇමැති සර්ගෙයි ලැව්රොව් එකිනෙකා හමු වී සාකච්ඡා අරඹා ඇති අතර මෙම සාකච්ඡා සඳහා යුක්රේනයට පෙර වෙනත් කිසිදු යුරෝපා රටකට ආරාධනා කර නොමැත. සෞදි අරාබියේ රියාද් අගනුවර පැවැත්වෙන සාකච්ඡා රුසියාවට යුක්රේනයේ පවතින යුද්ධය අවසන් කිරීමේ සැබෑ වුවමනාවක් ඇත්දැයි විමසා බැලෙන ප්‍රථම පියවර ලෙස ඇමෙරිකාව හඳුන්වා දී ඇති අතර රුසියාව පවසා ඇත්තේ මෙම සාකච්ඡා පැවැත්වෙනුයේ ඇමෙරිකාව සමග පළුදු වී ඇති සබඳතා යථා තත්ත්වයට පත් කරගැනීමට බවයි.
|