යුක්රේන රුසියානු සංචාරකයන්ගේ වීසා දික්කරයි

130

ශී‍්‍ර ලංකාවේ රැඳී සිටින යුක්රේන සහ රුසියානු සංචාරකයන්ගේ වීසා කාලය ගාස්තු අය කිරීමකින් තොරව මාස දෙකක කාලයක් සඳහා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව අමාත්‍ය මණ්ඩලය එම තීරණය ගෙන ඇත.

මේ වන විට රුසියානු සංචාකරයෝ 11,463ක් සහ යුක්රේන සංචාරකයෝ 3993ක් ශී‍්‍ර ලංකාව තුළ රැඳී සිටිති. යුක්රේන සහ රුසියානු යුද ගැටුම් හේතුවෙන් ඔවුන්ට නැවත සිය රට වෙත යාමට අපහසු තත්ත්වයක් ඇතිවීම සලකා සංචාරක අමාත්‍යවරයා විසින් එම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත පෙරේදා ඉදිරිපත් කරන ලදි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment