යුගදනව් බලාගාරයේ 51% ක් ඇමෙරිකාවට දෙන්න කැබිනට් පත‍්‍රිකාවක්

209

රජය සතු යුග දනව් ඞීසල් බලාගාරයේ සියයට 51ක කොටස් ඇමෙරිකානු සමාගමකට අලෙවි කිරීම සඳහා කැබිනට් පත‍්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වී ඇත.
 
 එහෙත් එහි සියයට 23.9 ක් එකී සමාගමට ලබාදීම සේවක අර්ථ සාධක මණ්ඩලයේ භාරකාර මණ්ඩලය මගින් ප‍්‍රතික්‍ෂේපකර තිබේ.
 
 මහා භාණ්ඩාගාරය සතුව ඇති සියයට 51ක කොටස් මෙලෙස ඇමෙරිකානු සමාගමට ලබා දී මේ කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත්කර ඇත.
 
 මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් සේවක අර්ථසාධක අරමුදලේ කොටස් ඇමරිකානු සමාගමට විකිණීමට එරෙහිවී ඇත.

 කීර්ති වර්ණකුලසූරිය


advertistmentadvertistment