යුගදනවි බලාගාරයේ කොටස් ගන්න ගිවිසුම් අත්සන් කළැයි ඇමරිකානු සමාගම කියයි

313

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ සියයට 40 ක කොටස් මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළ නිශ්චිත ගිවිසුමට අත්සන් කළ බව ඇමරිකානු නිව් ෆෝටෙ‍්‍රස් සමාගම නිවේදනය කර ඇත.

 ඇමරිකානු සමාගම හා රජය අතර මෙම ගිවිසුම් අත්සන් කිරීම පසුගිය 17 වැනිදා රාතී‍්‍ර සිදු කළ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප‍්‍රකාශ කර තිබිණි. කෙරවලපිටිය බලාගාරය ඇමරිකන් සමාගමට විකිණීමට ආණ්ඩු පක්ෂයේ පක්ෂ කිහිපයක් විරෝධයක් පළ කර තිබිණි.


advertistmentadvertistment