යුග දිවියේ ගැටලුවලට මෝහන ප්‍රතිකාර

207

මේ ගෑනිට මොන යකෙක් වැහිලද මන්ද කොයිවෙලේත් මාත් එක්ක රණ්ඩුවටමයි එන්නේ… එසේම මේ මිනිහට අමනුස්සයෙක් වැහිලද මන්ද මම මොනවා කිව්වත් සැකෙන්මයි බලන්නේ… ලෙසින් බොහෝ පවුල්හි මෙවැනි වදන් පවසමින් රණ්ඩු සරුවල් වනු දැකිය හැකිය.

මෙලෙස පවුල්හි අසමගිය ඇතිවීමට, දික්කසාද වීමට බලපාන හේතු මොනවා දැයි කියා විමසා බැලුවහොත් ප්‍රධාන හේතු හතරක් හඳුනාගෙන ඇත.

කේන්තිය, සැකය, අනියම් සබඳතා සහ අමනුෂ්‍ය බලවේග එම හේතූන්ය.

කේන්තිය

බොහෝ පවුල්හි සැමියා සහ බිරිඳ උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රි නින්දට යෑම දක්වා වූ කාලය තුළ එකිනෙකාට නොරුස්සනා බවින් දිවි ගෙවනවා. සැමියා අතින් සුළු වරදක් සිදු වුවද බිරිඳ අතින් සුළු වරදක් සිදු වුවද එය ඉවසා දරා ගැනීමට නොහැකි වේ. මෙය බොහෝ විට දෙදෙනා අතර පමණක් තිබීම ද විශේෂයකි. අන් අය සමග මේ අයුරින් ඔවුනට කේන්ති ඇති නොවේ.

සැකය

වර්තමානයේ බොහෝ පවුල් ආරවුල් ඇතිවීමට, දික්කසාද වීමට බලපා ඇති ප්‍රධාන හේතුවක් වී ඇත්තේ සැකයයි. මෙම සැකය ඉතා සුළු කරුණක් නිසා සිදුවිය හැකිය. එය

දිගින් දිගට පැවැත විශාල ගැටලුවක් බවට පත්වේ. එහි කෙළවර දික්කසාදය පමණක් නොව මිනීමැරුම් දක්වා දරුණු තත්ත්වයට පත්වේ.

අනියම් සබඳතා

අනියම් සබඳතා වර්තමානයේ අඹු සැමියන් අතර බහුල වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ අන්තර්ජාල භාවිතය සහ ජංගම දුරකථන පරිහරණයයි.මෙමගින් ඇතිකර ගන්නා අනියම් සබඳතා තමාගේ ජීවිතයේ නැතිවම බැරි තත්ත්වයකට ඇබ්බැහිවීමක් බවට පත් කර ගැනීමට ජංගම දුරකථන සහ අන්තර්ජාල සබඳතා හේතු වී ඇතැයි එවැනි සබඳතා නිසා පවුල් අවුල් වී අප වෙත පැමිණෙන බොහෝ අඹු සැමියෝ පවසති.

අනේ වෛද්‍යතුමනි මට එයා නිතරම දුරකථනයෙන් කතා කරනවා. මට එයා නැතිවම බැරි තත්ත්වයට පත්වූවා ආදී ලෙසින් ඔවූහු පවසති.

අමනුෂ්‍ය බලවේග

අප බොහෝදෙනා අවධානය යොමු නොකර ඇති හේතුවක් බවට අමනුෂ්‍ය බලවේග පත්ව ඇත. එම බලවේගවල ක්‍රියාකාරීත්වය නිසා නිතර කේන්ති යෑම, සැකය ඇතිවීම, අනියම් සබඳතා සඳහා යොමුවීමට හේතු වේ.

අප වෙත පැමිණි එක් කාන්තාවක් අටවරක් විවාහ දිවියට පැමිණ තිබේ. ඒ සෑම විවාහයක්ම ඉතා ඉක්මනින් කඩාකප්පල්වී ඇත. මේ සඳහා ඇයට බලපා තිබුණේ,

ඇය සමග පළමු විවාහයට එක්වූ සැමියා මියගිය පසු ඔහුගේ අමනුෂ්‍ය ආත්මයේ බලපෑමය. ඇය එම සැමියාගෙන් වෙන්වී වෙනත් සබඳතාවයක් ඇතිකර ගෙන තිබුණි. බිරිඳ සැමියා අත්හැරීම නිසා එම දුකින් ඔහු දිවි හානි කරගෙන තිබුණි. මෙලෙස නොසතුටින් දිවිය නැතිකර ගන්නා පුද්ගලයන් හොඳ ආත්මවල උපදින්නේ නැත. එසේම ඔහු මියගොස් තිබුණේ බිරිඳ සමග වෛරයකිනි. එනිසා ඔහුගේ අමනුෂ්‍ය ආත්මය බිරිඳගේ ඉන්පසු විවාහ සියල්ල අසාර්ථක කිරීමට බලපා තිබුණි.

එනිසා අප සංසාරයේ භවයන්හි ඉපිද, එහිදී සිදු කළ වැරදි ක්‍රියා නිසා අප සමග වෛරයෙන්, ක්‍රෝධයෙන් මියයන අයගේ අමනුෂ්‍ය බලපෑම් සිදුවන බව හඳුනාගෙන ඇත.

මෝහන ප්‍රතිකාර

කෝපය, සැකය, අනියම් සබඳතා සහ අමනුෂ්‍ය බලපෑම් සඳහා බලපා ඇති හේතු කාරණා, මෝහන ප්‍රතිකාරය මගින් හඳුනාගත හැකිය. එවිට ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකර්ම සිදු කළ හැකිය. ඇතැම් පුද්ගලයන්ට දරාගැනීමේ ශක්තිය නැත. මානසික පීඩාවන් ඇත. හැඟීම් පාලනය කර ගැනීමට නොහැකිය. ඒ අතර මියගිය තමාගේ සමීපතමයන්ගේ බලපෑම් එල්ල වී ඇත.

මේ සියල්ලෙන්ම සිදුවන්නේ පවුල් ආරවුල් ඇතිවීමය. ඉන් ඔවුන්ගේ දූ දරුවන්, දෙමාපියන් ඥාති හිතමිතුරන් ද පීඩාවට පත්වේ. එවිට ඔවුනගේ වෛරය කෝපය ද ඔවුනට බලපෑම නිසා මතුව ඇති ගැටලු තවත් තීව්‍ර වේ. එනිසා මෙවැනි අවස්ථාවලදී වහා නිසි ප්‍රතිකාර ලබා ගත යුතුය.

මෝහන ප්‍රතිකාරයේදී බලපා ඇති හේතුව සඳහා පින් දහම් කරමින් මතුව ඇති පාපකර්මයන් ගෙවා දැමිය හැකිය. දුර්වල චිත්ත ශක්තිය ශක්තිමත් කළ හැකිය. නොසන්සුන් මනස සන්සුන් කළ හැකිය. ඇතැම් අමනුෂ්‍ය බලපෑම් සඳහා ඒවා දුර්වල කරන හෝ අවසන් කර දමන තොවිල් සහ යාග හෝම කළ යුතුය. එය එකිනෙකාට බලපා ඇති හේතු අනුව තීරණය කරනු ලබයි. එබැවින් මෙවැනි ගැටලු හමුවේ පීඩා විඳිමින් ජීවිතය ගතකිරීමෙන් සිදුවනුයේ තම දූ දරුවන්ගේ අනාගතය විනාශ කිරීමය. දෙමාපියන්ට වෛර කරන විවාහ ජීවිතය දෙස සැකයෙන්, වෛරයෙන් බලන, දරු පරපුරක් අනාගතයට දායාද කිරීමය. මෙය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකි. එබැවින් ගැටලුවලට නිවැරදි විසඳුම් ලබා ගැනීමට කොයි කවුරුත් යොමු විය යුතුය.

වැඩිදුර විස්තර සඳහා දුරකථන අංක 0741715857 හෝ 0773855910 ඇමැතිය හැකිය.

යුග දිවියේ ගැටලුවලට මෝහන ප්‍රතිකාර

බස්නාහිර පළාත් මෝහන විද්‍යාවේදීන්ගේ
සංගමයේ සභාපති
මනෝ වෛද්‍ය උපදේශක
වෛද්‍ය ගුණසේකර මුදලිගේ

සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment