යුද්ධයෙන් කොටු වී සිටින යුක්‍රේන ජාතිකයන් ඉවත් කරගැනීමට ආරක්ෂිත මාර්ග

164

යුක්‍රේන යුද්ධය හේතුවෙන් නගරවල කොටු වී සිටින ජනතාව එම නගරවලින් ඉවත් කරගැනීම සඳහා ආරක්ෂිත කොරිඩෝ හෙවත් මාර්ග විවෘත කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටාරෙස් පවසා තිබේ. මේ සඳහා රුසියානු හා යුක්‍රේන රජයන් ඒකාබද්ධ වැඩපිළිවෙළක් දියත් කළ යුතුව ඇති බව යුක්‍රේනයේ අගනුවර වන කිව් නගරයේ සංචාරය කිරීමෙන් පසු මාධ්‍ය අමතමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා පවසා ඇත.

රුසියානු හමුදාවන් රඳවා සිටින යුක්‍රේන අගනුවරට යෑමට පෙර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමු වී සාකච්ජා කර තිබූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා යුක්රේන නගරයක් වන මරියුපොල් නගරයේ සිරවී සිටින යුක්රේන ජාතිකයන් ආරක්ෂිතව ඉවත් කරගැනීම සඳහා උපකාර කිරීමට තමා කැමැත්තෙන් සිටින බව සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment