යුද්ධයේදී මියගිය  ඥාතීන් පෞද්ගලිකව  සැමරීමට අයිතියක්

156

ත‍්‍රස්තවාදීන් සැමරීමට ඉඩක් නොමැති අතර යුද සමයේදී තම ඥාතියකු මියගොස් ඇතත් ඒ සම්බන්ධව පුද්ගලිකව සැමරීමට අයිතිය ලබාදීමට මානව හිමිකම් කඩකිරීම් සිදුව ඇත්දැයි විමර්ශනයට පත් කළ කොමිසමේ දෙවැනි අතුරු වාර්තාවේ නිර්දේශ කර ඇත.

 මානව හිමිකම් පිළිබ`ද පූර්ව කොමිෂන් සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි කි‍්‍රයාමාර්ග ගැනීම් පිළිබ`ද ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ. එච්. එම්. ඞී. නවාස් මහතා විසින් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත භාරදෙනු ලැබීය.

 මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ සමාන බරපතළ වැරදි පිළිබ`ද චෝදනා විමර්ශනය පිණිස පත්කළ කොමිෂන් සභා හෝ කමිටු අනාවරණය කරගත් තොරතුරු විමර්ශනය, පරීක්‍ෂණය සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීම ස`දහා ජනාධිපතිවරයා විසින් 2021 ජනවාරි මස 21 ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ඒ. එච්. එම්. ඞී. නවාස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිසමක් පත් කෙරිණි.

 එම කොමිසමේ පළමු වාර්තාව 2021 ජුලි මස 21 වන දින ජනාධිපතිවරයා වෙත භාරදීම සිදුවිය.

 පිටු 107 කින් සමන්විත දෙවන වාර්තාව සැකසීමේදී යුද්ධයට මුහුණ දුන් සහ ඒ ආශ‍්‍රිත අත්දැකීම් සහිත යාපනය සහ කිලිනොච්චි දිස්ත‍්‍රික්කයන්හි පදිංචිකරුවන් 75 දෙනෙකුගේ සාක්‍ෂි මත පදනම් කරගත් කරුණු සැලකිල්ලට ගනිමින් නිර්දේශ කිහිපයක් කොමිසම ඉදිරිපත් කර ඇත.

 2015 දී පත්කළ පරණගම කොමිසම සොයාගත් කරුණු වහාම විමර්ශනය කර ඒ සම්බන්ධයෙන් නඩුවක් හෝ වන්දි ලබාදීමට නිර්දේශ කර තිබේ. ආර්ථික වශයෙන් නැගීසිටීමට රජයේ උපකාරය අවශ්‍ය බව කොමිසම ඉදිරියේ සාක්‍ෂි ලබාදුන් පිරිස ඉල්ලා සිටි අතර ඒ ස`දහා ද කොමිසම නිර්දේශය හිමිව ඇත.

 ත‍්‍ර‍්‍රස්තවාදීන් සැමරීමට ඉඩක් නොමැති අතර යුද සමයේදී යම් ඥාතියකු මියගොස් ඇත්නම් ඒ සම්බන්ධයෙන් පුද්ගලිකව සැමරීමට අයිතිය ලබාදීමටද කොමිසමේ නිර්දේශ කර ඇති අතර ලබන ජුනි මාසය වන විට අවසන් වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමට හැකි වෙතැයි එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ඒ. එච්. එම්. ඞී. නවාස් මහතා ස`දහන් කළේය. ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment