වසර 40ක් සපිරූ දිවයින ඉරිදා සංග‍්‍රහයට මගේ සුබ පැතුම් පළමුව පිළිගන්වන්නෙමි’
වසර 28ක් පුරා මවිසින් විශේෂාංග ලිපි හා පුවත් ලිවූ පුවත්පතක් වන මෙම පුවත්පත මාධ්‍යවේදියෙක් ලෙස මා ඔසවා තැබීමට විශාල රුකුලක් දුන් පුවත්පතකි’
මම 1988’09’21 වැනිදා ආධුනික මාධ්‍යවේදියෙක් ලෙස දිනපතා දිවයින කර්තෘ මණ්ඩලයට බැඳුනෙමි’ ඉරිදා සංග‍්‍රහයට විශේෂාංග ලිපි ලිවීමේ වුවමනාවක්ද තිබුණි’
දිනපතා දිවයින පුවත්පතේ ප‍්‍රවෘත්ති වාර්තාකරණයේ නියුතුව සිටි මම පසුව යුද්ධය පිළිබඳව ලිපි හා පුවත් ලියමින් ඉරිදා සංග‍්‍රහයටද සම්බන්ධ වුණෙමි’
එකල මාගේ ප‍්‍රියතම පුවත්පත දිවයින ඉරිදා සංග‍්‍රහයයි’ එය ආරම්භයේදී පටන් නොකඩවා කියවූ මට එයට ලිවීමට ලැබීමත් මහත් වාසනාවක් විය’
1983 වසරේ ඊළාම් යුද්ධයේ පළමු අදියර ආරම්භ වනවිට දියතලාව ගුවන් හමුදා ගොඩබිම සටන් පුහුණු පාසලේ පුහුණුව ලබමින් සිටි මා ඉන් ඉල්ලා අස්වූයේ මගේ මල්ලීට යුද හමුදාවට යෑමේ දැඩි අවශ්‍යතාවක් තිබූ බැවිනි’ පාසල් වියේ පටන් කවි” කෙටිකතා නිර්මාණය කරමින් ලේඛන කලාවේද නිරත වූ මාහට පුවත්පත් කලාවේදියෙක් වීමේ බලාපොරොත්තුවක්ද තිබුණි’
මා ලිවූ කවි” කෙටිකතා වේයන්ගොඩ සිරිමෙවන් කස්තුරිආරච්චි නමින් පුවත්පත්වල පළවූ අතර වේයන්ගොඩ කොටස නැතුව මගේ නම පමණක් යොදා පත්තරයක ලිපි පළකර ගැනීමට මම පෙරුම් පිරුවෙමි’
වෘත්තීය පුවත්පත් කලාවේදියෙක් වීමට අවශ්‍ය නිසා දිවයින පුවත්පතට එක්වීමට මගේ දැඩි තීරණයක් තිබූ අතර” ජාතික චින්තනය හා ජාතික ආරක්ෂාව පිළිබඳව දිවයින දැරූ ස්ථාවරත්වය ඊට හේතු විය’ මට පළමුව එක්වීමට ලැබුණේ විජය පුවත්පත් සමාගමේ ඉරිදා ලංකාදීප කර්තෘ මණ්ඩලයටයි’ එහි සිටියත් මගේ හිත තිබුණේ දිවයින කර්තෘ මණ්ඩලයට එක්වීමටයි’ එකල දිවයින පුවත්පතේ සිටි ප‍්‍රවීණ මාධ්‍යවේදී චන්ද්‍රසිරි කටුදෙණිය මහතා මට එම අවස්ථාව ලබා දුන්නේය’
දිවයින ඉරිදා සංග‍්‍රහයට විශේෂාංග ලිපි ලිවීමේ ආශාවෙන් පසුවූ මාහට අවස්ථාව ලැබුණේ දිවයින දිනපතා පුවත්පතේ ප‍්‍රවෘත්ති අංශයේ සේවය කිරීමටය’ මට එහිදී ලැබුණේ පේෂකර්ම අමාත්‍යාංශයේ ප‍්‍රවෘත්ති ආවරණය කිරීමටයි’ ඒ දිනවල මගේ මල්ලි දෙවන ලූතිනන්වරයෙක් ලෙස ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශයේ රාජකාරි කළ බැවින් ඔහුගෙන් මට හමුදා පුවත් ලැබෙන්නට විය’ එම පුවත්ද මම පුවත්පතට ලිවුවෙමි’
ප‍්‍රධාන කර්තෘ එඞ්මන්ඞ් රණසිංහ මහතා විසින් මට යුද පුවත් ලිවීමට අවසරය ලබාදුන් අතර එය මට මහත් රුකුලක් විය’
1988 වසරේ මම දිවයින මාධ්‍යවේදියෙක් ලෙස සිටින විට පළමුවන ඊළාම් යුද්ධය අවසන් වී සටන් විරාමයක් පැවතුනි’ ඉන්දු ලංකා ගිවිසුම ක‍්‍රියාත්මකව පැවැති එකල ඉන්දීය සාම සාධක හමුදා සාමාජිකයෝ උතුරු නැගෙනහිර ආරක්ෂක රාජකාරිවල නිරත වූහ’
ඉන්දීය සාම සාධක හමුදාව මෙරටින් ගිය පසු 1990 වසරේ නැවත යුද්ධය ඇරඹි අතර එය දෙවන ඊළාම් යුද්ධය නම් විය’
1990’06’11 වැනිදා දෙවන ඊළාම් යුද්ධය ඇරඹූ පසු උතුරු නැගෙනහිර නැවත දරුණු සටන් ඇවිළී ගියේය’
ඒ වනවිට මගේ මල්ලි සිටියේ ලූතිනන්වරයෙක් ලෙස ෂ වන විජයබාහු බළඇණියේය’ මන්නාරම කොටි ග‍්‍රහණයෙන් මුදා ගැනීමේ මෙහෙයුමට ඔහුත් සහභාගි වී සිටියේය’ එම මෙහෙයුම මගින් මන්නාරම අල්ලා ගත්තේය’ බි‍්‍රගේඩියර් සිරි පීරිස් මන්නාරම බළසේනාධිපති ලෙස පත්විය’ ලූතිනන් කර්නල් සරත් මුණසිංහද එහි සිටියේය’
එකල ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ අවසරයක් නැතුව මාධ්‍යවේදීන්ට යුද ප‍්‍රදේශවලට යෑමට නොහැකි විය’
ඒ තහනම මටද තිබුණි’ නමුත් මම දිවයින පුවත්පතේ මාධ්‍යවේදියෙක් නිසාත් මගේ මල්ලි හමුදා නිලධාරියෙක් නිසාත් කිසියම් සහනයක් ලැබෙනු ඇතැයි මම විශ්වාස කළෙමි’
යුද හමුදාව ප‍්‍රමුඛ ආරක්ෂක හමුදා පිළිබඳවත් යුද්ධය පිළිබඳවත් දිවයින පුවත්පත දැක්වූ සහයෝගය නිසා ආරක්ෂක හමුදා ප‍්‍රධානීන්ගේ හා පාඨක ජනතාවගේ විශ්වාසය ප‍්‍රසාදය දිවයින පුවත්පතට ඉහළින් ලැබී තිබුණි’
මාධ්‍යවේදීන්ට යුද බිමට යෑම රජය විසින් තහනම් කර තිබීම නිසා රජයේ අවසරයෙන් තොරව එහි යෑමට මම තීරණය කළෙමි’ මගේ මල්ලි හමුවීමට යන ඔහුගේ සොහොයුරා මන්නාරමට යෑමට මම සිතා ගත්තෙමි’ එහෙත් එහි යෑමට ගුවනින් හැර කිසිදු ගොඩබිම් මාර්ගයක් නොතිබුණි’
එවක මන්නාරම බළසේනාධිපතිව සිටි බි‍්‍රගේඩියර් සිරි පීරිස්ට දුරකථන ඇමතුමක් දී මගේ අවශ්‍යතාව කිවූවිට අනුරාධපුරයේ ෂෂ වන සේනාංක මූලස්ථානයට පැමිණ ඔහුට ඇමතුමක් දෙන්නැයි කීවේය’
ඒ අනුව ප‍්‍රධාන කර්තෘ එඞ්මන්ඞ් රණසිංහ මහතාගේ අවසරය මත ඡායාරූප ශිල්පී ශ‍්‍රීලාල් ගෝමස් සමග බස් රියක නැගී අනුරාධපුරයට ගියෙමි’ එහි ගොස් ෂෂ වන සේනාංක මූලස්ථානයේ දින 02ක් ගත කළ පසු මන්නාරම සිට පැමිණි බි‍්‍රගේඩියර් සිරි පීරිස් ඔහු පැමිණි හෙලිකොප්ටර් යානයේ අපව මන්නාරමට රැගෙන ගියේය’
එහිදී ලූතිනන් කර්නල් සරත් මුණසිංහද මුණගැසිනි’ ඔහු මාවත් ශ‍්‍රීලාලූත් හමුදා පාලනය යටතේ පැවැති ප‍්‍රදේශ පුරා රැගෙන ගියේය’
මගේ මල්ලීද සහභාගි වූ හමුදා මෙහෙයුමකට මටත් ශ‍්‍රීලාල්ටත් සහභාගි වීමට හැකිවිය’
ඒ මෙහෙයුම කොටි ත‍්‍රස්තවාදීන් සමග දරුණු සටන් පැවැති එකකි’ මමයි ශ‍්‍රීලාලූයි දිවි බේරාගෙන ආපසු පැමිණ දිවයින ඉරිදා සංග‍්‍රහයට ලියූ ලිපි මාලාව නිසා පාඨක අවධානය දැඩිව ලැබුණි’
ඉන්පසු එවක දිවයින ඉරිදා සංග‍්‍රහයේ ප‍්‍රධාන කර්තෘව සිටි දයාසේන ගුණසිංහ මහතා මට දිගටම ලියන්නැයි කීවේය’ ගාමිණී සුමනසේකර” කරුණාදාස සූරියාරච්චි” චන්ද්‍රසිරි දොඩන්ගොඩ මහත්වරුන්ගේ සහයෝගයද ලැබුණි’
ඒ අනුව යුද ප‍්‍රදේශවලට දිගටම යෑමට තීරණය කළ මම ඒ ගමන්වලින් දිනපතා දිවයින පුවත්පතට යුද පුවත් ලියන අතරේ දිවයින ඉරිදා සංග‍්‍රයට විශේෂාංග ලිපි ලිවුවෙමි’
එම ලිපිවලට පාඨක ප‍්‍රසාදය මෙන්ම ආරක්ෂක හමුදා ප‍්‍රධානීන් ඇතුළු නිලධාරීන්ගේ හා සෙබළුන්ගේ ප‍්‍රසාදය හිමිවීම නිසා මට උතුරු නැගෙනහිර යුද ප‍්‍රදේශවල නිතර සංචාරය කිරීමේ අවස්ථාව කිසිදු තහනමකින් බාධාවකින් තොරව හිමිවිය’
දිවයින ඉරිදා සංග‍්‍රහය රණවිරුවන් ගැන දැක්වූ විශේෂ අවධානය රණවිරුවන්ගේ ගෞරවයට ලක්විය’
පුරා වසර 28ක මගේ මාධ්‍ය දිවියේදී දිවයින ඉරිදා සංග‍්‍රහය මගේ විශේෂාංග ලිපි පළකරමින් මා යුද වාර්තාකරණයේ ඉහළ තැනකට
ගෙනඒම සඳහා කළ මෙහෙය අපමණය’
දිනපතා දිවයින පුවත්පතේ කර්තෘ මාණ්ඩලිකයකු ලෙස යුද පුවත් වාර්තා කරමින් සිටි මා හට ඉරිදා දිවයින සංග‍්‍රහයේ යුද විශේෂාංග ලිපි ලිවීමට අවස්ථාව ලැබීම විශාල භාග්‍යයක් විය’ ජාතික චින්තනය හා ජාතික ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂී මාධ්‍ය මෙහෙවරක් කරමින් ඉරිදා දිවයින සංග‍්‍රහය දිනාගෙන තිබූ පිළිගැනීම” කීර්ති නාමය අති විශාලය’ වසර 28ක මගේ මාධ්‍ය දිවියේ අත්දැකීම් වලින් මම එය දැන සිටියෙමි’
උපාලි පුවත්පත් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ නිමල් වෙල්ගම මහතා ප‍්‍රමුඛ දිවයින ඉරිදා සංග‍්‍රහයේ හිටපු ප‍්‍රධාන කර්තෘවරුන් වූ එඞ්මන්ඞ් රණසිංහ” දයාසේන ගුණසිංහ” ගාමිණී සුමනසේකර” වත්මන් ප‍්‍රධාන කර්තෘ අනුර සොලමන්ස්” වැඩබලන කර්තෘ බුලිත ප‍්‍රදීප් කුමාර මෙන්ම දිනපතා දිවයින පුවත්පතේ හිටපු කර්තෘවරුන් වූ උපාලි තෙන්නකෝන්” මෙරිල් පෙරේරා” ජයන්ත චන්ද්‍රසිරි” හිටපු ප‍්‍රවෘත්ති කර්තෘවරුන් වූ ධර්මරත්න විජේසුන්දර” දයාරත්න රණසිංහ” ගයිරික පේරුසිංහ” සරත් අබේගුණවර්ධන” මංජුල බටුගෙදර” වත්මන් උපදේශක කර්තෘ නාරද නිශ්ශංක” දිනපතා දිවයින ප‍්‍රධාන කර්තෘ වසන්ත ලියනගේ මහත්වරුන් හා හිටපු දිනපතා දිවයින විශේෂාංග කර්තෘවරුන් වූ දයා ප‍්‍රනාන්දු” කිත්සිරි නිමල් ශාන්ත මහත්වරුන් හා හිටපු නියෝජ්‍ය විශේෂාංග කර්තෘ දීප්ති අධිකාරි මහත්මියද මේ අවස්ථාවේ ස්තූති පූර්වකව සිහිපත් කරමි’
‘ඉරිදා දිවයින සංග‍්‍රහය‘ සදා දිනේවා’’’’’!
* සිරිමෙවන් කස්තුරිආරච්චි