යුද හමුදාපති සුපර් ලීග් පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සීකුගේ ප‍්‍රසන්නගේ නායකත්වයෙන් යුත් නොදර්න් වොරියර්ස් කණ්ඩායම සමත් විය. එ් ඊයෙ (06 වැනිදා* පැවැති අවසන් මහා තරගයේදී තිසර පෙරේරාගේ වෙස්ටර්න් වොරියර්ස් කණ්ඩායම ලකුණු 64කින් පරාජයට පත් කරමිනි.
ෙදාඹගොඩ යුද හමුදා කී‍්‍රඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් නොදර්න් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලූ 7කට ලකුණු 142ක් වාර්තා කළේය. නොදර්න් පළමු කඩුලූ 5 මුලූ ලකුණු 55ක් තුළ දැවී ගියද අනතුරුව පිටියට එක් වූ ෂෙහාන් ප‍්‍රනාන්දු සහ පැතුම් කුමාර හය වැඩි කුඩුල්ලට ලකුණු 61ක් වාර්තා කළේය.
ෂෙහාන් ප‍්‍රනාන්දු පන්දු 34කදී ලකුණු 39ක් සහ පැතුම් කුමාර පන්දු 32කදී ලකුණු 35ක් වාර්තා කළේය. ආරම්භක පිතිකරු ලෙස කී‍්‍රඩා කළ අශාන් රන්දික පන්දු 17කදී ලකුණු 23ක් ලබා ගත්තේය.
ජයග‍්‍රහණය හඹා යෑමට පිටියට පිවිසි වෙස්ටර්න් ඉනිමේ සියලූ දෙනා මුලූ ලකුණු 78කට දැවී ගයේය. එහිදී වෙස්ටර්න් ඉනිමේ වැඩිම බලාපොරොත්තුව බවට පත්ව තිබූ උපුල් තරංග ලකුණු 10කට දැවී ගිය අතර නායක තිසර පෙර්රා ලකුණු 21ක් සහ ලක්ෂාන් ගමගේ ලකුණු 14ක් ලබාගැනීමට සමත්වීද ජයග‍්‍රහණය සඳහා එය ප‍්‍රමාණවත් නොවීය.
නොදර්න් කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ ගයාන් චන්ද්‍රබොස් ලකුණු 16කට වෙස්ටර්න් ඉනිමේ කඩුලූ 4ක් බිඳ දැමීය. අශාන් ප‍්‍රියංජන ලකුණු 23කට ප‍්‍රතිවාදී ඉනිමේ කඩුලූ 3ක් දවාගැනීමට සමත්විය.
කසුන් රණවීර
|