යුද හමුදාවේ ඔත්තුව පත්තුවී අරියාලෙන් කෝටියක් වටිනා කේරළ ගංජා එළියට

159

ඉන්දියාවේ සිට හොර රහසේ මෙරට රැගෙනවිත් නැගෙනහිර අරියාල වෙරළ තීරයේ සඟවා තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් විශේෂ කාර්ය බළකාය සිදුකළ වැටලීමක දී සොයාගෙන තිබේ.

යුද හමුදා බුද්ධි අංශ ලබාදුන් තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය යාපනය කඳවුරේ නිලධාරීන් විසින් නැගෙනහිර අරියාලේ වෙරළ තීරයේ සිදුකළ වැටලීමකදී වෙරළ තීරයේ සඟවා තිබු කිලෝග්‍රෑම් 83යි ග්‍රෑම් 336ක මෙම ගංජා තොගය සැකකරුවකු නොමැතිව අත්අඩංගුවට ගෙන තිබේ. යාපනය කඳවුරේ පොලිස් පරීක්ෂක එම් ඩී.ටී. මඩපාත ඇතුලු නිලධාරී පිරිසක් විසින් සිදුකළ වැටලීමකදී සොයාගත් මෙම ගංජා තොගය වැඩිදුර විමර්ශන සඳහා යාපනය පොලිසිය වෙත භාරදී තිබේ.

ඇන්ටන් ප්‍රනාන්දු
 

advertistmentadvertistment
advertistmentadvertistment