යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ

47

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි ධුරයට මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කර තිබේ.

ලබන 9 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදුකර තිබේ.

මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කළ කීර්තිමත් හමුදා නිලධාරියකු වන අතර මෙතෙක් යුද හමුදාවේ 45 වැනි නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධුරයේ කටයුතු කළේය.

මාතලේදී උපන් හෙතෙම මාතලේ විජය විද්‍යාලයෙන් සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා 1989දී කෙඩෙට් නිලධාරියකු ලෙස යුද හමුදාවට එක්ව තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment